SKIP TO MAIN CONTENT

COVID 19 update 20 May: කොවිඩ් වැළදුණු ඔස්ට්‍රේලියානුවන්ට දුරකතනයෙන් ඡන්දය දීමේ අවස්ථාව දීර්ග කරයි

2022 මැයි 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Voters at the Indooroopilly pre-polling booth in Brisbane. (file)
Voters at the Indooroopilly pre-polling booth in Brisbane. (file) Source: AAP Image/Darren England

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 47 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 10 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 23 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 09 ක්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 15,205 දක්වා අඩුවී තිබේ. ප්‍රාන්තයේ රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304 කි. මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද ඔවුහු වාර්තා කරති.

අප්‍රේල් 04 වන දිනෙන් පසුව තම ප්‍රාන්තයේ අඩුම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත වීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තා කරයි. මේ වන විට රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 1,226 ක් වන අතර දැඩි සත්කාර ඒකකයේ 41 ක් සිටී.

නමුත් Australian Capital Territory හි රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නගිමින් ඇත. අද වන විට ACT හි 84 ක් රෝහල්ගත කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

මැයි 13 සවස 6 හෝ ඊට පසු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඔස්ට්‍රේලියානු ඡන්දදායකයින්ට දැන් ඔවුන්ගේ දුරකථන භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. මීට පෙර එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය මැයි 17 විය. කෙසේවෙතත්, දුරකතනයෙන් ඡන්දය දීමේදී ප්‍රමාදයන් අපේක්ෂා කරන ලෙස ඡන්දදායකයින්ට උපදෙස් දී තිබේ.

දුරකථන ඡන්දය දීමට හැක්කේ:

  • 2022 මැයි 20 සිකුරාදා දේශීය වේලාවෙන් පෙ.ව. 8.30 සිට සවස 6 දක්වා
  • මැතිවරණ දිනය 2022 මැයි 21 සෙනසුරාදා දේශීය වේලාවෙන් උදේ 8 සිට සවස 6 දක්වා

චීනයේ CanSino Biologics විසින් නිෂ්පාදනය කරන ලද CONVIDECIA එන්නත 11 වන COVID-19 එන්නත ලෙස හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී ඇත.                                                 

මෙම එන්නත රෝග ලක්ෂණ සහිත රෝග වලට එරෙහිව 64% ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු COVID-19 තත්ත්වයනට  එරෙහිව 92% ක කාර්යක්ෂමතාවයක් ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now