COVID 19 update 18 May: ඔස්ට්‍රේලියාවේ ආසාදිතයින් වැඩිවීම අගමැති මොරිසන් එතරම් නොතකයි

2022 මැයි 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A man wears a face mask as he crosses Flinders Street in Melbourne, Sunday, March 20, 2022. (AAP Image/Diego Fedele) NO ARCHIVING

The World Health Organization said more data is needed to evaluate the benefits of a fourth dose. Source: AAP Image/Diego Fedele

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 50 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 22 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 07 ක්ද ඊට ඇතුලත්වේ.

පසුගිය දින තුන තුළ, බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරිවල නව කොවිඩ් රෝගීන් ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,253 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 14,220 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්  12,297 ක්ද වාර්තා වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියාව තුළ ඉහළ යන COVID-19 රෝගීන් සහ මරණ පිළිබඳ වද වීම අගමැති Scott Morrison විසින් එතරම් තැකීමක් නොකළේය. COVID-19 මරණ සඳහා වයිරසයම ප්‍රධාන හේතුව ලෙස බල නොපාන බව ඔහු පැවසීය.

ඉහළ යන ආසාදිත සංඛ්‍යාව සහ මරණ සෑම විටම සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

පසුගිය සතියේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා කළ රටවල් අතරින් ඔස්ට්‍රේලියාව සිව්වන ස්ථානයට පත්විය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මැයි 28 වන දින ප්‍රජා එන්නත් කිරීමේ දිනයක් පැවැත්වීමට නියමිතය. ඇතැම් ප්‍රාදේශීය සභා සහ ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය එන්නත් සායනයකට යාමට සහය අවශ්‍ය පුද්ගලයින්ට නොමිලේ ප්‍රවාහනය ලබා දෙනු ඇත.

නිවසේ සිට ඉගෙනීමේ කාලය අවසන් වූ දා සිට ප්‍රාථමික සිසුන්ගේ ඉලක්කම් ආශ්‍රිත දැනුම වැඩිදියුණු වී ඇති බව NSW ප්‍රාන්ත රජය පැවසුවේය. ද්විතියික සිසුන් 2020 සහ 2021 දී COVID බාධා වලින් සුවය ලැබීමට වැඩි කාලයක් ගත වන බව එහි සඳහන් වේ.

ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා Pfizer එන්නත බූස්ටර් මාත්‍රාවක් අනුමත කර ඇත. ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණක් බූස්ටර් මාත්‍රාව ලබා දෙයි.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service