COVID 19 update 24 March: ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියානුවන් රැකගන්න Moderna මාත්‍රා මිලියන 100 ක්

2022 මාර්තු 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Low vaccination rates among primary school-aged children causing a spike in COVID cases in Queensland

Low vaccination rates among five to 11-year-olds is contributing to a spike in child COVID-19 cases in Queensland. Source: Getty Images/JohnnyGreig

Highlights

  • ඉදිරි දශකය තුළදී ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍යමත් බැවින් ශක්තිමත් කිරීම සඳහා mRNA එන්නත් මාත්‍රා මිලියන 100 ක් ලබා ගැනීම උදෙසා ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, Moderna සමඟ ඩොලර් බිලියන 2 ක ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පාසල්වල COVID රෝගීන් 55% කින් ඉහළ ගොස් ඇති අතර, එයට හේතුව කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රමාදයක් විය හැකි බව විශ්වාස කරයි.
  • පාසල්වලදී මුව ආවරණ පැළඳීම නැවත හඳුන්වාදීම ගැන සලකා බලන විට ක්වීන්ස්ලන්තයේ පාසල් සිසුන් 14,000 කට පමණ දැන් කොවිඩ් වැළදී ඇති බව සඳහන්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සති පහ තුළ කොවිඩ් රෝගීන් 400% කින් ඉහළ ගොස් ඇත.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය වසර 2024 සිට කොවිඩ් එන්නත් නිෂ්පාදනය සඳහා එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකරන බව ප්‍රකාශ කර ඇති නමුත් තවමත් ඒ සඳහා ස්ථානයක් තෝරාගෙන නොමැත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව COVID-19 මරණ අටක් වාර්තා වී ඇති අතර ප්‍රාන්ත වැසියන්ගෙන් 58.8% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබා ගෙන ඇත.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 6 ක් වාර්තා විය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයස 18 සහ ඊට වැඩි පිරිසෙන් 64.4% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම මේ වන විට ලබාගෙන ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 53,763 ක් සිටින බව සඳහන්.
  • COVID-19 ආසාදනය සහ හුදකලා වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය සහ සිසුන් වැඩි සංඛ්‍යාවක් නොපැමිණීම නිසා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගුරුවරුන්ගේ සංගමය මෙම වාරයේ අවසාන සතිය අවලංගු කරන ලෙස ඉල්ලා තිබේ.
  • ඉහළ යන COVID-19 රෝගීන් හේතුවෙන් බර ඉසිලීමේ ලෝක ශූරතා තරඟාවලියේ සත්කාරකත්වයෙන් චීනය ඉවත් වී ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 24,803
  • කොවිඩ් මරණ - 08
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,180
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 43

 

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,259
  • කොවිඩ් මරණ - 11
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 244
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 25

 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 11,000 ක් පමණ
  • කොවිඩ් මරණ - 06
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 271
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 11

 

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,009
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 29
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 09

 

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1278
  • කොවිඩ් මරණ - 00
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 42
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 03

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now