COVID 19 update 18 July: ඔස්ට්‍රේලියාවේ හුදකලා වීමේ කාලය අඩු කිරීමට මෙය සුදුසු වේලාවක් නොවන බව අගමැති කියයි

2022 ජූලි 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Prime Minister Anthony Albanese during a visit to a pop-up Covid-19 vaccination hub in Sydney.

Prime Minister Anthony Albanese during a visit to a pop-up Covid-19 vaccination hub in Sydney. Source: AAP Image/Joel Carrett

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 23 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 5 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 ආසාදිත රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ තවත් නෞකාවක් සිඩ්නි නුවරට පැමිණ ඇත. P&O Pacific Explorer නමැති එම නෞකාවේ මගීන්ට ඍණාත්මක RAT ප්‍රතිඵල ලබාදීමෙන් අනතුරුව නෞකාවෙන් බැස යා හැකිය.

පසුගිය සතියේ, Coral Princess නෞකාව එක් දිනක් සඳහා COVID-19 රෝගීන් සමඟ සිඩ්නි හි නැංගුරම් ලා තිබුණි.

කොවිඩ් වයිරසය තවමත් තුරන් වී නොමැති නිසාත් ඔස්ට්‍රේලියාවට නැවත නැවතත් කොවිඩ් රැළි අත් දැකිය හැකි නිසාත් NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet COVID-19 ධනාත්මක ආසාදිතයින් සඳහා කෙටි හුදකලා කාලයක් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, හුදකලා විය යුතු කාලය අඩු කිරීමට දැන් සුදුසු කාලය නොවේ යනුවෙන් අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් උපුටා දක්වමින් කියා සිටියේය. සෙනසුරාදා (ජූලි 16) පැවති ජාතික කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ අතර හුදකලා වීමේ කාලය තවදුරටත් අඩු කළ හැකිද යන්න සෞඛ්‍ය නිලධාරීන් නොකඩවා ගවේෂණය කරන බව අගමැති Albanese අද (ජූලි 18) 5AA ගුවන් විදුලියට පැවසුවේය.

ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොවිඩ් ආසාදිතයෙකු හුදකලා වීමේ කාලය දින 14 සිට 7 දක්වා අඩු කළේය.

කාර්ය මණ්ඩල හිඟය සහ COVID-19 සහ ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ ප්‍රාන්තවල හදිසි රෝග අංශවල  රැඳී සිටීමේ කාලය වැඩි වී ඇති බව වාර්තා විය.

NSW හි COVID වයිරසය හේතුවෙන් සෞඛ්‍ය සේවකයෝ 2,700 ක් පමණ දැනට හුදෙකලා වී සිටිති.

සෞඛ්‍යසේවාපද්ධතියටඇතිපීඩනයලිහිල්කිරීමසඳහාප්‍රධානරෝහල් 12ක්පුරාඅතිරේකවිශේෂඥකාර්යමණ්ඩලයක්යෙදවීමටවික්ටෝරියාප්‍රාන්තයසැලසුම්කරයි.

COVID-19 සහඉන්ෆ්ලුවන්සාරෝගීන්ගේමෑතකාලීනවැඩිවීමටඑරෙහිවසටන්කිරීමසඳහාළමාවෛද්‍යවරුන්ගේශ්වසනසායනදෙකක්පිහිටුවීමටදවික්ටෝරියාප්‍රාන්තරජයසැලසුම්කරයි,

Northern Territory හිකොවිඩ්ආසාදනහාරෝහල්ගතවීම්ඉහළයාමෙන්පසුරෝහල්වලඅමුත්තන්ගේසීමාවන්සහපැමිණීමේවේලාවන්අවශ්‍යතාහඳුන්වාදීඇත.

එළඹෙනසැප්තැම්බර් 30 දක්වාඩොලර් 750 වසංගතනිවාඩුගෙවීමයළිලබාදීමටපසුගියසෙනසුරාදාපැවතිජාතිකකැබිනට්රැස්වීමේදීමධ්‍යමරජයතීරණයකරතිබේ.

COVID-19 ආසාදිත රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ තවත් නෞකාවක් සිඩ්නි නුවරට පැමිණ ඇත. P&O Pacific Explorer නමැති එම නෞකාවේ මගීන්ට ඍණාත්මක RAT ප්‍රතිඵල ලබාදීමෙන් අනතුරුව නෞකාවෙන් බැස යා හැකිය.

පසුගිය සතියේ, Coral Princess නෞකාව එක් දිනක් සඳහා COVID-19 රෝගීන් සමඟ සිඩ්නි හි නැංගුරම් ලා තිබුණි.

sකොවිඩ් වයිරසය කොතැනකවත් නොයන නිසාත් ඔස්ට්‍රේලියාවට නැවත නැවතත් කොවිඩ් රැළි අත් දැකිය හැකි නිසාත් NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet COVID-19 ධනාත්මක ආසාදිතයින් සඳහා කෙටි හුදකලා කාලයක් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, හුදකලා විය යුතු කාලය අඩු කිරීමට දැන් සුදුසු කාලය නොවේ යනුවෙන් අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් උපුටා දක්වමින් කියා සිටියේය. සෙනසුරාදා (ජූලි 16) පැවති ජාතික කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ අතර හුදකලා වීමේ කාලය තවදුරටත් අඩු කළ හැකිද යන්න සෞඛ්‍ය නිලධාරීන් නොකඩවා ගවේෂණය කරන බව අගමැති Albanese අද (ජූලි 18) 5AA ගුවන් විදුලියට පැවසුවේය.

ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොවිඩ් ආසාදිතයෙකු හුදකලා වීමේ කාලය දින 14 සිට 7 දක්වා අඩු කළේය.

කාර්ය මණ්ඩල හිඟය සහ COVID-19 සහ ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ ප්‍රාන්ත හදිසි රෝග අංශවල  රැඳී සිටීමේ කාලය වැඩි වී ඇති බව වාර්තා විය.

NSW හි COVID වයිරසය හේතුවෙන් සෞඛ්‍ය සේවකයෝ 2,700 ක් පමණ දැනට හුදෙකලා වී සිටිති.

Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News

Share this with family and friends

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now