COVID 19 update 21 March: මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි NSW අවුරුදු 2 කේ දරුවෙකු කොවිඩ්වලින් මරුට

2022 මාර්තු 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

An ambulance is seen in Sydney, Saturday, January 2022. (AAP Image/Flavio Brancaleone) NO ARCHIVING

An ambulance is seen in Sydney, Saturday, January 2022. (AAP Image/Flavio Brancaleone) NO ARCHIVING Source: AAP

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොවිඩ් මරණ 4 අතරේ වයස අවුරුදු 2 ක කුඩා දරුවකුද වන බව වාර්තා වේ.
  • මීට පෙර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එම දරුවා Westmead හි ළමා රෝහලේදී මිය ගිය බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.
  • ඔස්ට්‍රේලියානුවන්ට අප්‍රේල් 13 සිට නිරෝධායනයවීමකින් හෝ හුදකලාවීමකින් හෝ තොරව නවසීලන්තයට ඇතුළු වීමට අවසර ලැබේ. ඒ අතරේ visa-waiver ලැයිස්තුවේ රටවල් 60 ක පමණ පූර්ණ එන්නත් කරන ලද සංචාරකයින්ට මැයි 2 සිට නවසීලන්තයට පැමිණීමට හැකි වනු ඇත.
  • තම කැබිනට් මණ්ඩලය එන්නත් අනිවාර්ය කිරීම, එන්නත් බලපත්‍ර සහ එන්නත් ආශ්‍රිත රටේ නීති  සමාලෝචනය කරමින් සිටින බවත් ඒවා බදාදා ප්‍රකාශයට පත් කරන බවත් නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පැවසුවාය.
  • ක්වීන්ස්ලන්තයේ ද පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් නිසා මරණයට පත්වී තිබේ.
  • කොවිඩ් වසංගතයෙන් පසු සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් ඉල්ලුමට සරිලන රැකියා සඳහා නැවත පුහුණුවක් ලබාගැනීමට බලාපොරොත්තු වන වික්ටෝරියානුවන්ට අධ්‍යාපන සහනාධාර සහ නොමිලේ TAFE පාඨමාලා පිරිනමන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිDaniel Andrews ඉරිදා (20/03) පැවසීය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 14,970
  • කොවිඩ් මරණ - 4
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,163
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 34

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 7,531
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 248
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 20

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 6,206
  • කොවිඩ් මරණ - 2
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 243
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 1,304
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 24

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 898
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 39
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now