Highlights
- ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison හට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහු උණ වැනි රෝග ලක්ෂණ අත්විඳින නමුත් ඔහු සිඩ්නි හි Kirribilli නිවසෙහි හුදෙකලා වෙමින් තම වගකීම් නොකඩවා ඉටු කරනු ඇත.
- අගමැති මොරිසන් දින 7 ක් හුදකලා වීමට නියමිත අතර එය මාර්තු 08 වනදා පස්වරුවෙන් අවසන් වීමට නියමිතය.
- ඔහුගේ බිරිඳ Jenny සහ දූවරුන් දෙදෙනා ද සමීප ආශ්‍රිතයින් හේතුවෙන් මේ වන විට හුදකලා වී ඇති නමුත් ඔවුන්ගේ කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක වී තිබේ.
- දෙවන එලිසබෙත් රැජින ඊයේ Windsor මාලිගයේ සිට සිය රාජකාරි නැවත ආරම්භ කර ඇත. දෙවන එලිසබෙත් රැජිනට පසුගිය පෙබරවාරි 20 වන දින කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු විය.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 10,650 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,072 ක් රෝහල්ගත කර ඇති අතර 45 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,126 ක් සමග කොවිඩ් මරණ 28 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 264 ක් රෝහල්ගත කර ඇති අතර 37 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,011 ක් සමග කොවිඩ් මරණ 24 ක් වාර්තා විය. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 312 ක් රෝහල්ගත කර ඇති අතර 26 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 868 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 12 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 1,053 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 40 ක් රෝහල්ගත කර ඇත.
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

