COVID update 27 Sep: වසංගතය ආරම්භයේ දී ඔස්ට්‍රේලියාව ගත් තාවකාලික විධිවිධාන යාවත්කාලීන කළ යුතු බවට නිර්දේශ

2022 සැප්තැම්බර් 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

VICTORIA CORONAVIRUS COVID19

A man receives a COVID-19 vaccine at the Royal Exhibition Building in Melbourne. (file) Source: AAP / DANIEL POCKETT/AAPIMAGE

Highlights

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් සහ ප්‍රතිකාර මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයේදී මහාචාර්ය Jane Halton නිර්දේශ අටක් ඉදිරිපත් කර ඇත.

ඉහළ තරඟකාරී ගෝලීය වෙළඳපොලක් තුළ එන්නත් සහ ප්‍රතිකාරවල මුල් ප්‍රසම්පාදනය සිදු වී ඇති බව මහාචාර්ය Halton සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවලිය තුළ, ඔස්ට්‍රේලියාව ගෝලීය සම තත්ත්වයේ රටවලට සාපේක්ෂව බරපතල රෝගාබාධ සහ මරණ වැළැක්වීම සඳහා ඉහළ ප්‍රාථමික එන්නත් ලබා දීමට හැකි වන පරිදි ඵලදායී COVID-19 එන්නත් සහ ප්‍රතිකාර ගොන්නක් ලබාගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

වසංගතය ආරම්භයේ දී ක්‍රියාත්මක කර ඇති තාවකාලික විධිවිධාන යාවත්කාලීන කිරීම අවශ්‍ය බවට තම කණ්ඩායම නිගමනය කළ බව මහාචාර්ය Halton පැවසුවාය.

පූර්ව වසංගත ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් හදිසි තත්ත්වයක් සඳහා සුදුසු නොවන බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම COVID-19 හි අඛණ්ඩ රැළි ඇතිවීමේ සම්භාවිතාව නිසා අඛණ්ඩ, ඒකාබද්ධ උපදෙස් සඳහා අවශ්‍යතාවය, නව උපදේශන ව්‍යුහයන් සහ නියෝග අවශ්‍ය වනු ඇති බව ද ඇය අවධාරණය කළාය.

COVID-19 කළමනාකරණය කිරීම සඳහා වන දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස මධ්‍යම රජය මෙම නිර්දේශ හොඳින් සලකා බලනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේය.

Omicron විශේෂිත බූස්ටර් මාත්‍රාවන් එනතෙක් බලා නොසිටින ලෙස මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

දැන් තිබෙන ඕනෑම බූස්ටර් මාත්‍රාවක් ගන්නා ලෙසත් ඒවා සියල්ලම ඉතා ඵලදායී ඒවා බවත් විශේෂයෙන් දරුණු රෝග වැළැක්වීම සඳහා ඒවා ඉතා වැදගත් බවත් ඔහු ඔස්ට්‍රේලියානුවාසීන්ට අවධාරණය කළේය.

Perth Royal show නැරඹීමට පැමිණෙන බටහිර ඔස්ට්‍රේලියානුවන්ට ගේට්ටු අංක එකෙන් ශා දහයෙන් මෙන්ම ප්‍රදර්ශන භූමියේ දුම්රිය ස්ථාන ගේට්ටුවෙන් නොමිලේ RAT පරීක්ෂණ ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now