COVID 19 update 05 April:: ක්වීන්ස්ලන්තය සහ ACT සිය මහජන සෞඛ්‍ය නීති ලිහිල් කරයි

2022 අප්‍රේල් 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People walk past a floral tribute to a delicatessen owner who died from Covid-19 in Melbourne last year. (file)

People walk past a floral tribute to a delicatessen owner who died from Covid-19 in Melbourne last year. (file) Source: Getty Images/WILLIAM WEST/AFP

Highlights

  • අඟහරුවාදා දිනයේදී (05/04) ඔස්ට්‍රේලියාව අවම වශයෙන් COVID-19 මරණ 29 ක් වාර්තා කර ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 12 ක් ද සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 8 බැගින්ද  ACT වෙතින් එක් කොවිඩ් මරණයක්ද ඊට ඇතුළත් වේ.
  • අප්‍රේල් 04 දා මධ්‍යම රාත්‍රියේ සිට ACT හි මහජන සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කර තිබේ.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති 13 ක් තුළ කොවිඩ් වයිරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත්නම් ACT වෙත පැමිණ පැය 24 ක් ඇතුළත COVID-19 පරීක්ෂණයක් කිරීමට දැන් අවශ්‍ය නොවේ. එය මීට මීට පෙර කාලය සති නවයක් විය.
  • වයස අවුරුදු 12 සහ මාස දෙකේ සිට අවුරුදු 17 දක්වා එන්නත් නොකළ සංචාරකයින් ඔවුන්ගේ පැමිණීම පිළිබඳ  ACT Health දැනුවත් කිරීම සහ දින හතක් නිරෝධායනය වීම තවදුරටත් අවශ්‍ය නොවේ.
  • සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඔවුන්ගේ සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස ඉල්ලා තිබේ. සුදුසුකම් ඇති ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ වාර්ෂික flu එන්නත දෙවන බූස්ටර් එන්නත සමඟ ගත හැකි බව ද ඔහු පැවසීය.
  • ක්වීන්ස්ලන්ත COVID-19 Safety and Efficacy Statewide අධ්‍යයනයට සහභාගී වීමට ක්වීන්ස්ලන්ත වැසියන්ට ආරාධනා කෙරේ. ක්වීන්ස්ලන්තයේ COVID-19 සහ කොවිඩ් එන්නත් වල කෙටි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන බලපෑම් අවබෝධ කර ගැනීම එහි අරමුණ වේ.
  • අප්‍රේල් 14 වන දින අලුයම 1 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් නීති ලිහිල් කිරීමට සූදානම් වේ.
  • බටහිර ඕස්ට්‍රේලියාව අප්‍රේල් 17 සිට දැඩි නීති යටතේ නැවත cruise නැව් ගමන් ආරම්භ කිරීමට ඉඩ දෙයි. පළමු අදියරේදී අමුත්තන් 350 ක් දක්වා කුඩා අන්තර් ප්‍රාන්ත cruise නැව් සඳහා අවසර දෙනු ලැබේ.
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2 වන වාරය සඳහා පාසල් පරිශ්‍රයට පැමිණ ළමුන් ඇරලීමට සහ ළමුන් රැගෙන යාමට දෙමාපියන්ට අවසර දීම, මුහුණට මුහුණ දෙමාපිය-ගුරු රැස්වීම් පැවැත්වීමට අවසර දීම සහ වාර්ෂික කණ්ඩායම් රැස්වීම් සඳහා දෙමාපියන්ට නැවත පාසල් පරිශ්‍ර වෙත ඒමට ඉඩ ලබාදීම සිදු කෙරේ.
  • තම පවුලේ කිසිවකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත්නම් දකුණු ඔස්ට්‍රේලියානුවන් දින හතක් හුදකලා විය යුතුය. COVID-19 රෝග ලක්ෂණ නොමැති නම් නිවැසියන් හයවන දින PCR පරීක්ෂණයක් හෝ පළමු දින, 3 වන දින, 5 වන දින සහ 7 වන දින rapid antigen පරීක්ෂණයක් සිදුකරගත යුතුය.
  • COVID-19 වසංගතයෙන් ගොඩ ඒමේ සැලැස්මේ කොටසක් ලෙස NSW ප්‍රාන්ත රජය ප්‍රජා යහපැවැත්ම කේන්ද්‍ර කරගත් උත්සව සහ ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය.
  • වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews දින හතක හුදකලා කාල සීමාව සම්පූර්ණ කිරීමෙන් පසු නැවත සේවයට පැමිණ තිබේ. මාර්තු 28 වන දින ඔහු COVID-19 වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කරන ලදී.     

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 19,183
  • කොවිඩ් මරණ - 12
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,467
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 56

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 12,007
  • කොවිඩ් මරණ - 08
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 329
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 18

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 9,946
  • කොවිඩ් මරණ - 08
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 479
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 15

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 8,145
  • කොවිඩ් මරණ - 05
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 242
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 06

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 918
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 48
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 05

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

 


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now