Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 45 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 14 ක් ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ එක් කොවිඩ් මරණයක්ද වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
තම ප්‍රාන්තයේ රෝහල්ගතවීම් සංඛ්‍යාව ඉහළ යමින් තිබියදීත් ක්වීන්ස්ලන්තය එහි COVID-19 නීති සහ සීමාවන් ලිහිල් කර ඇත. කොවිඩ් රෝගීන් 522 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව ක්වීන්ස්ලන්තය වාර්තා කළේය.
ජුනි 30 වැනි දින අලුයම 1 සිට, residential aged care, disability හෝ බන්ධනාගාර වෙත යාමට කොවිඩ් එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.
එසේම, මුල් ළමාවිය, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය, බන්ධනාගාර, තරුණ රැඳවුම් මධ්‍යස්ථාන, watch houses සහ ගුවන් තොටුපළ ඇතුළුව ඉහළ අවදානම් සහිත ස්ථානවල සිටින සේවකයන් සඳහා ද ඔවුන්ගේ සේවායෝජකයාට අවශ්‍ය නම් පමණක් කොවිඩ් එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.
සෞඛ්‍ය සේවා, රෝහල්, aged care සහ disability care යන ක්ෂේත්‍රවල සේවකයින් සඳහා තවමත් කොවිඩ් එන්නත් අනිවාර්ය බව ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පැවසුවාය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා COVID-19 පරීක්ෂණ අවශ්‍යතා ජුනි 30 සිට ඉවත් කර ඇත. ජාත්‍යන්තර සංචාරකයින් ක්වීන්ස්ලන්තයට පැමිණ පැය 24 ක් ඇතුළත පරීක්ෂණයක් කළ යුතු විය.
NSW Health, ජුනි 18 න් අවසන් වන සිය සතිපතා වාර්තාවේ, BA.4 සහ BA.5 නිදර්ශකවල අනුපාතය පසුගිය සතිය තුළ 23% සිට 31% දක්වා වැඩි වී ඇත.
එහි COVID-19 මරණ 77 න්, තුන්වන මාත්‍රාව ලබා ඇත්තේ 56 ක් පමණි.
ප්‍රාන්ත වැසියන්ට දැන් ඔවුන්ගේ Rapid Antigen පරීක්ෂණ කට්ටල (RAT) Burnie COVID-19 පරීක්ෂණ සායනයෙන් සතියේ දින හතේම උදේ 9 සිට ප.ව 1 දක්වා ලබාගත හැකි බව ටස්මේනියා ප්‍රාන්තය පවසයි.
බටහිර ඕස්ට්‍රේලියාව විසින් Fiona Stanley රෝහල, Armadale සෞඛ්‍ය සේවය, ශ්Sir Charles Gairdner රෝහල සහ St John of God Midland මහජන රෝහලේ COVID-19 පරීක්ෂණ සායන ජූලි 15 සිට වසා දමනු ඇත.
කෙසේ වෙතත්, නොමිලේ PCR පරීක්ෂාව ප්‍රාන්තය පුරා ස්ථාන 60කට වැඩි ප්‍රමාණයක සහ පුද්ගලික pathology සායනවල පවතිනු ඇත.