ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 37 ක් වාර්තා වී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 12 ක්ද ක්වීන්ස්ලන්තයෙන් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 6 බැගින්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 2 ක්ද ඊට ඇතුළත් වේ.
පසුගිය මාසය තුළ ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබේ. අප්‍රේල් 12 වන දින වන විට කොවිඩ් රෝගීන් 572 ක් රෝහල්ගත වී සිටි නමුත් ඊට මසකට පෙර එම ප්‍රමාණය 247 ක් විය.
මෘදු හා මධ්‍යස්ථ COVID-19 සහිත රෝගීන්ට සහ දරුණු ලෙස රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ට ප්‍රතිවෛරස් ඖෂධයක් වන 'Paxlovid' භාවිතා කළ හැකිය. මෙම ඖෂධය ගත්විට රෝහල්ගත වීමේ අවශ්‍යතාව අඩු වන බව අපේක්ෂා කෙරේ.
කම්කරු පක්ෂයේ ආගමන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව වාර්තා වේ. ඇය දින හතක් හුදකලා වනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Omicron හි නව ප්‍රභේද නිරීක්ෂණය කිරීමට පටන් ගෙන තිබේ. අධීක්ෂණය සඳහා එම ලැයිස්තුවට BA.4 සහ BA.5 එකතු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් BA.1, BA.2 , BA.1.1 සහ BA.3 නිරීක්ෂණය කරයි.
මේ මස මුලදී ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී පැවති වාර්ෂික Gridiron රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු රාජ්‍ය නිලධාරීන් 50 කට වැඩි පිරිසක් Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

