COVID 19 update 12 April: ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක්

2022 අප්‍රේල් 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Queensland imeripoti watu 572 wamelazwa hospitalini Jumanne.

Queensland imeripoti watu 572 wamelazwa hospitalini Jumanne. Source: AAP Image/Darren England

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 37 ක් වාර්තා වී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 12 ක්ද ක්වීන්ස්ලන්තයෙන් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 6 බැගින්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 2 ක්ද ඊට ඇතුළත් වේ.

පසුගිය මාසය තුළ ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබේ. අප්‍රේල් 12 වන දින වන විට කොවිඩ් රෝගීන් 572 ක් රෝහල්ගත වී සිටි නමුත් ඊට මසකට පෙර එම ප්‍රමාණය 247 ක් විය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් දරුණු ලෙස COVID-19 වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති ඔස්ට්‍රේලියානුවන් සඳහා Pharmaceutical Benefits Scheme හෙවත් PBS යෝජනා ක්‍රමය යටතේ කොවිඩ් ඖෂධයේ දෙවන බෙහෙත් වට්ටෝරුව-පමණක් මැයි 1 සිට ලබා දෙනු ඇත.

මෘදු හා මධ්‍යස්ථ COVID-19 සහිත රෝගීන්ට සහ දරුණු ලෙස රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ට ප්‍රතිවෛරස් ඖෂධයක් වන 'Paxlovid' භාවිතා කළ හැකිය. මෙම ඖෂධය ගත්විට රෝහල්ගත වීමේ අවශ්‍යතාව අඩු වන බව අපේක්ෂා කෙරේ.

කම්කරු පක්ෂයේ ආගමන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව වාර්තා වේ. ඇය දින හතක් හුදකලා වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Omicron හි නව ප්‍රභේද නිරීක්ෂණය කිරීමට පටන් ගෙන තිබේ. අධීක්ෂණය සඳහා එම ලැයිස්තුවට BA.4 සහ BA.5 එකතු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් BA.1, BA.2 , BA.1.1 සහ BA.3 නිරීක්ෂණය කරයි.

මේ මස මුලදී ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී පැවති වාර්ෂික Gridiron රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු රාජ්‍ය නිලධාරීන් 50 කට වැඩි පිරිසක් Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now