COVID 19 update 10 November: ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ ජපානය සමඟ සංචාරක බුබුළු ඇතිකරගැනීමට යයි

2021 නොවැම්බර් 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A Qantas repatriation flight from India on final approach into Adelaide Airport in Adelaide, Friday, June 4, 2021.

Source: AAP Image/Roy Vandervegt

Highlights

  • ක්වීන්ස්ලන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ප්‍රතිශතය 80% මට්ටමට හෙට ළඟා වන බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය. මේ අතර ඇතැම් ස්ථානවලට කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින්ට පැමිණීම අවහිර කිරීමේ ප්‍රාන්ත රජයේ යෝජනාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ව්‍යාපාරික Clive Palmer සැලසුම් කරයි.
  • දකුණු කොරියාවට සහ ජපානයට නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට ඉඩ සලසා දීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවී තිබේ. සිංගප්පූරුව සමඟ ද එවැනිම සැලැස්මක් ස්ථාපිත කිරීමෙන් පසු මධ්‍යම රජය අදාළ රටවල දෙක සමග ද්විපාර්ශ්වික ගනුදෙනුවක් සඳහා කටයුතු කරන බව අගමැති Scott Morrison පැවසීය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින්ගෙන් 84% කට වඩා කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 90% මට්ටමට ළඟා වූ පසු සියලු කොවිඩ් නීති ඉවත් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වේ. එය නොවැම්බර් 24 දින සිදු කිරීමට දැනට සැලසුම් කරයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,003 ක් සමග කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 216 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක්ද වාර්තා වේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3 ක්ද ACT වෙතින් 9 ක්ද වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now