Highlights
- පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කොවිඩ් නීති මාලාවක් ලිහිල් කිරීම නිවේදනය කරයි.
- දෙසැම්බර් 17 සිට හෝ ක්වීන්ස්ලන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණයේ 80% මට්ටමට ළඟා වූ විට හෝ pubs සහ අනෙකුත් විනෝදාස්වාදය සපයන ස්ථාන සඳහා මෙන්ම ක්‍රීඩාංගන සඳහා කිසිදු කොවිඩ් නීතියක් බලාත්මක නොකෙරේ.
- රෝහල්වල අමුත්තන් බැලීමට හැකි වන්නේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට පමණි.
- නමුත් යමෙකු මරණාසන්න මොහොතේ සිටින විට පමණක් ඔහුගේ සමීපතමයින්ට එම නීතියෙන් බැහැරව යාමට අවසර ලැබේ.
- ක්වීන්ස්ලන්තයේ ජනගහනයෙන් 80% ක් එක් කොවිඩ් මාත්‍රාවක් හෝ ලබාගත් මට්ටමේ පටන් ගුවන් යානාවල සහ ගුවන් තොටුපොළවල හැර අනෙක් ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
- COVID-19 එන්නත් ආවරණය 70% ට වඩා වැඩි වීමත් සමඟ, සියලුම ආසාදනවලින් අඩක් පමණ එන්නත් කළ පුද්ගලයින් හා සම්බන්ධ නමුත් ඔවුන්ගෙන් එය වෙනත් කෙනෙකුට බෝවීම මධ්‍යම හෝ අඩු මට්ටමක පවතින බව Doherty ආයතනයේ නවතම වාර්තාවකින් හෙළිවී ඇත.
- තම ටෙරිටරිය අදියර 3 කින් විවෘත කිරීමේ සැලැස්ම යටතේ නොවැම්බර් 23 සිට Northern Territory ය නිවසේ නිරෝධායනය වීමේ වැඩසටහන අරඹයි.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,069 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 222 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

