COVID 19 update 29 Dec: ක්වීන්ස්ලන්තය සංචාරකයින් සඳහා PCR පරීක්ෂණ නවත්වයි

2021 දෙසැම්බර් 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Rapid antigen tests are available in supermarkets and pharmacies across Australia

Rapid antigen tests are available in supermarkets and pharmacies across Australia. Source: AAP/Lukas Coch

Highlights

  • 2022 ජනවාරි 1 වනදා සිට rapid antigen පරීක්ෂණ භාවිතා කරන නිසා තම ප්‍රාන්තයට ඇතුළුවීම සඳහා අනිවාර්ය PCR පරීක්ෂණ ඉවත් කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk විසින් නිවේදනය කර ලදී.
  • නව අවුරුදු සැමරීමට පෙර රට පුරා COVID-19 පරීක්ෂණ අවශ්‍යතා සාකච්ඡා කිරීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලය හදිසියේ බ්‍රහස්පතින්දා (30/12) රැස්වේ.
  • NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පැය 24 ක් තුළ දෙගුණයකින් වැඩි වී ඇති අතර ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 11,201 ක් වාර්තා වී ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මේ දක්වා ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කර ඇති අතර ජනවාරි සිට වික්ටෝරියානුවන්ට නොමිලේ rapid antigen පරීක්ෂණ කිරීමට ලැබෙනු ඇත.
  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළුවීමේ අවශ්‍යතා වෙනස් කිරීමෙන් පසු වික්ටෝරියානු ප්‍රාන්ත සීමා නගරවල rapid antigen පරීක්ෂණ කට්ටල අලෙවි වී අවසන් වේ.
  • ආශ්‍රිතයින් ලුහුබැඳීම සහ පරීක්‍ෂා කිරීමේ පටිපාටිය පීඩනයකට ලක්ව ඇති නිසා ACT Health විසින් කොවිඩ් ආසදිත්යින්ට නිරාවරණය වූ ස්ථාන කිහිපයක අවදානම් තක්සේරුව පහත හෙළා ඇත.
  • ඇමෙරිකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයට පිළියමක් ලෙස රෝග ලක්ෂණ නොමැති COVID-19 සහිත පුද්ගලයින් සඳහා හුදකලා කාලය දින 10 සිට 5 දක්වා අඩකින් අඩු කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 11,201ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3,767 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,589 ක් වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 1,471 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ද කොවිඩ් ආසාදිතයින් 55 ක් වාර්තා වන අතරේ ACT වෙතින් 252 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

 


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now