අද (25) ඕස්ට්‍රේලියාවෙන් අඩු COVID-19 මරණ සහ නව රෝගීන් වාර්තා කොට තිබේ. නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත මරණ හතර බැගින් වාර්තා කොට ඇති අතර ක්වීන්ස්ලනත ප්‍රාන්තය මරණ දෙකක් වාර්තා කොට තිබේ.
ඕස්ට්‍රේලියාවේ නව රෝගීන්, රෝහල්ගතවීම් සහ මරණ සඳහා නවතම COVID-19 ප්‍රවණතා මෙතැනින් පරීක්ෂා කරන්න.
පහත සඳහන් ප්‍රතිපල පෙන්වයි නම් සහ කරුණු අනුගමනය කරයි නම්, අප්‍රේල් මස 28 වැනි බ්‍රහස්පතින්දා සවස 6 සිට, ක්වීන්ස්ලන්ත වැසියන් තවදුරටත් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ:
- COVID-19 රෝග ලක්ෂණ නොමැති වීම
- සමීප සම්බන්ධතාවයක් පැවති දින සිට සතියක් සඳහා සෑම දෙවන දිනකම සිදු කල පරීක්ෂාව සෘණාත්මක වීම (දින 0, 2, 4 සහ 6)
- දින හතක කාලය පුරා නිවසින් පිටත මුහුණු අවරන පැළඳීම
- දින හතක් සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් සහිත ස්ථානයකට නොයා සිටින විට (රෝහල්, නේවාසික වයස්ගත සත්කාරක පහසුකම්, ආබාධිත නවාතැන් සේවා, නිවැරදි කිරීමේ සේවා පහසුකම් සහ රැඳවුම් මධ්‍යස්ථාන)
තමන් හට සමීප සම්බන්ධතාවක් ඇති බවත් හැකි නම් නිවසේ සිට රාජකාරි සිදු කරන බව සේවා යෝජකයාට දැන්වීම වැදගත් වේ.
ක්වීන්ස්ලන්තය, ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වලින් පසු සමීප සම්බන්ධතා හුදකලා වීමේ අවශ්‍යතාවය ඉවත් කරන මීළඟ ප්‍රාන්තය අප්‍රේල් 30 වන දින දකුණු ඕස්ට්‍රේලියාව බවට පත්විය හැක.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද සිට COVID-19 සංඛ්‍යාලේඛන පිළිබඳ සිය දෛනික මාධ්‍ය ප්‍රකාශය නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කොට ඇති අතර, එය සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ තවත් ලකුණක් විය හැකි බව විශ්වාසයයි.
රෝහල් ගත වීමේ වැඩි අවදානමක් සහිත මෘදු සහ මධ්‍යස්ථ COVID-19 ආසාදිතයින් සඳහා වන Pfizer's ඖෂධ පෙත්ත වන Paxlovid (nirmatrelvir and ritonavir) සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අනුබලයක් ලබා දී තිබේ.
එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය අධි අවදානම් සහිත ආසාදිතයින් සඳහා 'හොඳම චිකිත්සක තේරීම' ලෙසයි.
ඕස්ට්‍රේලියානු රජය මැයි 1 දා සිට ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ Paxlovid ඖෂධ පෙති ඔස්ට්‍රේලියාව පුරා ෆාමසි තුල ලබා දීමට නියමිතයි.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

