SKIP TO MAIN CONTENT

COVID 19 update 24 Aug: එන්නත නොගත් ක්වීස්නල්න්ත පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදු කිරීමට යයි

2022 අගෝස්තු 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ANNASTACIA PALASZCZUK SCHOOLS
Queensland Premier Annastacia Palaszczuk (centre) visits a high school in Ipswich. (file) Source: AAP / DAN PELED

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 60 ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 14 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 10 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 එන්නත ලබා ගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන්ට වැටුපෙන් “සුළු පරිමාණ තාවකාලික අඩුවීමක්” සිදුවන බව පවසමින් ක්වීන්ස්ලන්ත රජය විසින් රජයේ පාසල් ගුරුවරුන් 54,000 න් 900 කට සහ අනෙකුත් පාසල් කාර්ය මණ්ඩලයට ලිපි යවා ඇත.

ගුරුවරුන් "ඔවුන්ගේ තීරණයේ ප්‍රතිවිපාකවලට" මුහුණ දෙන බව මධ්‍යම රජයේ Aged Care ඇමතිනි Anika Wells, Nine නාලිකාවේ Today වැඩසටහනට පැවසුවාය.

නොවැම්බර් මාසයේදී දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තවත් COVID-19 රැල්ලකට මුහුණ දිය හැකි බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Chris Picton පැවසුවේය.

ගුවන් මගී ගමනාගමනය පූර්ව වසංගත මට්ටමට පැමිණ නොමැති බව සිඩ්නි ගුවන් තොටුපලේ ප්‍රධාන විධායක Geoff Culbert පැවසුවේය.

2019 වසරේ ජූලි මාසය හා සසඳන විට මෙවර ජූලි මාසයේදී සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගිය ජාත්‍යන්තර මගීන් සංඛ්‍යාවෙහි 42.2% ක අඩුවීමක් දේශීය මගීන්ගේ 15.5% ක අඩුවීමක් දත්ත පෙන්වා දෙයි.

Omicron හි BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉලක්ක කරන බූස්ටර් මාත්‍රාවක් සඳහා Pfizer ආයතනය ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now