COVID 19 update 04 Jan: ඔස්ට්‍රේලියාවේ වැඩිම කොවිඩ් රෝගීන් රෝහල් ගත කිරීම් සමග NSW ප්‍රාන්තයෙන් වාර්තාවක්

2022 ජනවාරි 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

sydney testing aap

Health care workers collect information from members of the public as they queue in their cars for a COVID-19 PCR test at the St Vincent’s Drive-through Clinic. Source: Credit: AAP Image/Bianca De Marchi

Highlights

  • Omicron කොවිඩ් ප්‍රභේදය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාප්ත වීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තාගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමේ සහ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කළේය. මේ වන විට කොවිඩ් රෝගීන් 1,344 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගත කර තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වර්ධනය වෙමින් පැතිරෙන කොවිඩ් වයිරසය මධ්‍යයේ නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා NSW ගුරු සංගමය, සෞඛ්‍ය හා අධ්‍යාපන නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ඉල්ලා ඇත.
  • කොවිඩ් එන්නතේ දෙවන සහ තුන්වන මාත්‍රාව අතර කාල පරතරය අද සිට මාස හතර දක්වා අඩු කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානුවාසීන් තවත් මිලියන 7.5 ක්  ඔවුන්ගේ බූස්ටර් එන්නත සඳහා සුදුසුකම් ලබයි.
  • Rapid antigen පරීක්ෂණ සඳහා ගෙවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ මතුවී ඇති විවාදය මධ්‍යයේ ඒවායේ මිල පහත හෙලීමේ උත්සාහයක් ලෙස Rapid antigen පරීක්ෂණ සඳහා GST ඉවත් කරන ලෙස Chemist Warehouse හි අධ්‍යක්ෂ Mario Tascone මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
  • ක්වීන්ස්ලන්තයේ ඊයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 23% ක ප්‍රතිඵල වයිරසයට ධනාත්මක වී ඇති බව ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය John Gerrard පැවසීය.
  • ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව, මාස හතරකට ආසන්න කාලයකදී පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් 100,000 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 23,131 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 14,020 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,699 ක් වාර්තා වන අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් 702 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 926 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now