SKIP TO MAIN CONTENT

COVID 19 update 26 Sep: දකුණු ඔස්ට්‍රේලියාව සහ ACT රෝහල් සහ aged care මධ්‍යස්ථානවල කොවිඩ් නීති ලිහිල් කරයි

2022 සැප්තැම්බර් 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

MELBOURNE DAILY LIFE
South Australians are no longer required to check in on the mySAGOV app for visiting hospitals, aged care facilities, residential disability facilities and prisons. (file) Source: AAP / MORGAN HANCOCK/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

Australian Capital Territory (ACT) අද සිට බලපැවැත්වෙන පරිදි රෝහල්වලට පැමිණිය හැකි අමුත්තන්ගේ සීමාවන් ලිහිල් කර ඇත.

ඒ අනුව අද සිට දිනකට අමුත්තන් දෙදෙනෙකුට වඩා පැමිණීමට ඉඩ දෙනු ඇත. කෙසේ වෙතත්, අමුත්තන් රෝහලේ ඝනත්ව සීමාවන් සහ ස්ථානයේ අනෙකුත් ආරක්ෂක පියවරයන්ට අනුකූල විය යුතුය.

Residential aged care මධ්‍යස්ථාන වෙත පැමිණෙන දකුණු ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ෆ්ලුවෙන්සා හෝ COVID-19 ට එරෙහිව එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.

නමුත් ඔවුන් මුව ආවරණ පැළඳිය යුතුවේ.

රෝහල්, aged care මධ්‍යස්ථාන, residential disability මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණීම සඳහා දකුණු ඔස්ට්‍රේලියානුවන් තවදුරටත් mySAGOV app එකෙන් check in වීම අවශ්‍ය නොවේ.

ඔස්ට්‍රේලියාව පුරා residential aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් 219 කින් සක්‍රීය COVID-19 රෝගීන් 1,274 ක් සිටින බව නවතම දත්ත පෙන්වයි.

NSW ප්‍රාන්තයේ කොවිඩ් පැතිරීම් 67 ක් වාර්තා වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ 66 ක්ද ක්වීන්ස්ලන්තයෙන් 27 ක්ද වාර්තා වේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ 25, දකුණු ඕස්ට්‍රේලියාවේ 25, ටස්මේනියාවේ 4, Northern Territory හි 3 සහ ACT හි 2.

ක්වීන්ස්ලන්තය සති අන්තයේ නව monkeypox (MPX) ආසාදනයක් වාර්තා කළ අතර, රට තුළ මුළු monkeypox ආසාදන 135 ඉක්මවා ගියේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ monkeypox ආසාදිතයින් 67 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 52 ක්ද සිටින බව වාර්තා වේ.

Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී Albert Bourla නැවතත් COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව Pfizer සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය

ඔහු සුවෙන් සිටින බවත් රෝග ලක්ෂණ නොමැති බවත් සමාගම පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now