COVID 19 update 13 April: අන්තර් ප්‍රාන්ත සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් දැඩි නීති

2022 අප්‍රේල් 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travellers at self-check-in machines at  Adelaide Airport in Adelaide. (file)

Travellers at self-check-in machines at Adelaide Airport. (file) Source: BRENTON EDWARDS/AFP via Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි  Karen Andrews කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත. මේ අතර කම්කරු පක්ෂයේ ආගමන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally ද COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඊයේ වාර්තා විය. මේ වන විට මොවුන් දෙදෙනාම දින හතක් හුදකලා වනු ඇත.
පාසල් නිවාඩු කාලය තුළ අන්තර් ප්‍රාන්තවල සංචාරය කරන නිවාඩු ගත කරන්නන්ට COVID-19 වැළඳුනහොත් ඔවුන්ට ආපසු ගෙදර යා නොහැකි බව දකුණු ඔස්ට්‍රේලියාව විසින් සිහිපත් කරයි. අදාළ නිවැසියන්ට ආපසු පැමිණිය හැක්කේ ඔවුන්ගේ හුදකලා කාලය අවසන් වූ පසුව පමණි.

අන්තර් ප්‍රාන්ත COVID-19 සංචාරක තොරතුරු

බටහිර ඔස්ට්‍රේලියාව අප්‍රේල් 18 සඳුදා සිට ප්‍රජා සම්පත් මධ්‍යස්ථානවල අමතර නොමිලේ Rapid Antigen පරීක්ෂණ කට්ටල 200,000ක් බෙදා හැරීමට නියමිතය.

ක්වීන්ස්ලන්තය අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා අලුයම 1 සිට මත්පැන්හල්, සමාජ ශාලා, කැෆේ සහ අවන්හල් ඇතුළු ස්ථාන සඳහා සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද පුද්ගලයින් සඳහා පිරික්සීමේ අවශ්‍යතාවය අවසන් කිරීමට නියමිතය.

Theme parks, කැසිනෝ සහ සිනමා ශාලා, මංගල උත්සව, ප්‍රදර්ශන භූමි, කලාගාර, පුස්තකාල, කෞතුකාගාර සහ ක්‍රීඩාංගණ සඳහා ද එම අවශ්‍යතාවය අවසන් වනු ඇත.

කෙසේ වෙතත්, රෝහල්, ආබාධිත නවාතැන් සේවා සහ residential aged care වැනි අවදානමට ලක්විය හැකි ස්ථාන වෙත පැමිණෙන හෝ රැකියා කරන අය සඳහා එන්නත්කරණ සහ ඇතුල් වීමේ අවශ්‍යතා දිගටම පවතිනු ඇත. එය පාසල්, childcare, බන්ධනාගාර සහ ගුවන් තොටුපළ ඇතුළු ඉහළ අවදානම් සේවා ස්ථානවල සිටින සේවකයන්ට ද අදාළ වේ.

ඔමික්‍රොන් රැල්ල වික්ටෝරියා ප්‍රාන්තයේ උච්චතම අවස්ථාවට පැමිණි පසු තම ප්‍රාන්ත රජයට එන්නත් කිරීම සහ සමීප ආශ්‍රිතයින් පිළිබඳ නීති ඉවත් කළ හැකි බවයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (12/04) පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තය මෙම වසර අගදී කෲස් නැව් සඳහා ඇති පැමිණීමේ සීමාවන් ලිහිල් කරනු ඇත. නව විධි විධාන යටතේ, අදාළ නෞකාවල මගීන්ට දෙවරක් එන්නත් කළ යුතු අතර, සංචාරක නෞකාවකට යාමට පෙර සෘණ COVID-19 පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතුය.

එළඹෙන මැයි 21 මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන ස්ථානයකට කොවිඩ් එන්නත්කරන අවශ්‍යතා අදාළ නොවේ.

ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙකු වන Pfizer විසින් බ්‍රිස්බේන් හි පිහිටි ResApp වෙත ඩොලර් මිලියන 100 ක මුදලක් ලබාදී ඔවුන් නිෂ්පාදනය කළ App එකක් පවරා ගෙන තිබේ.

කැස්ස ශබ්ද භාවිතා කරමින් ස්මාර්ට් දුරට්ක්තනයක් හරහා COVID-19 හඳුනා ගැනීමට එම App එකට හැකියාව ඇත.

තම නියමු සායනික පරීක්ෂණය ආසාදිත පුද්ගලයින්ගෙන් 92% ක් තුළ කොවිඩ් වයිරස් ආසාදනය නිවැරදිව හඳුනාගෙන ඇති බව අදාළ සමාගම මීට පෙර කියා සිටියේය.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service