Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 මරණ 11ක් වාර්තා වී ඇති අතර NSW ප්‍රාන්තයේ කොවිඩ් මරණ 5 ක් වාර්තා විය.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් මරණ 7 ක් වාර්තා විය.
- වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 64% ක් මේ වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබා ඇත.
- ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කිරීමට සූදනම් වීම නිසා ජාත්‍යන්තර සංචාරකයින්ට ඔවුන් ඔස්ට්‍රේලියාවට පිටත්වීමට පෙර මුහුණ දිය යුතු කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා ඉක්මනින් ඉවත් කළ හැකිවේ.
- සංචාරකයින් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබුන නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම උදෙසා ගුවන යානයකට ගොඩවීමට පෙර ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්විය යුතුය.
- මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ළඟදීම නිවේදනයක් නිකුත් කරන බව අගමැති මොරිසන් පැවසීය.
- චීනය මේ සතියේ මිලියන නවයක ජනගහනයක් සිටින කාර්මික නගරයක් වසා දැමූ අතර අඟහරුවාදා වයිරස් රෝගීන් 4,000 කට වඩා වාර්තා කළේය.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 24,115
- කොවිඩ් මරණ - 05
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,162
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 44
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 10,471
- කොවිඩ් මරණ - 11
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 243
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 23
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 10,476
- කොවිඩ් මරණ - 07
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 252
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 07
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

