COVID 19 update 04 April: ඔස්ට්‍රේලියානුවාසීන්ට අද සිට දෙවන බූස්ටර් මාත්‍රාවත් ලබාගැනීමට අවස්ථාව

2022 අප්‍රේල් 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ATAGI says the fourth vaccine dose should be four months from the initial booster dose.

Source: Michael Wilson - Pool/Getty Images

Highlights

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් මිලියන 4.1කට වැඩි පිරිසකට ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව අද සිට ලබා ගත හැක.

වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සහ ටෝරස් දූපත් වැසියන්ගේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්, aged care සහ disability care මධ්‍යස්ථානවල පදිංචිකරුවන් සහ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීනවූ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් ඒ සඳහා සුදුසුකම් ලබයි.

දෙවැනි බූස්ටර් මාත්‍රාව පළමු බූස්ටර් මාත්‍රාවෙන් මාස හතරක් ගතවූ පසුව ලබාගත යුතු බව ATAGI පවසයි.

ඔබේ කොවිඩ් එන්නත මෙතනින් වෙන් කරවගන්න.

නිවැසියන්ට අප්‍රේල් 4 සිට 10 දක්වා වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ උතුරු ප්‍රදේශයේ සාප්පු සංකීර්ණවල සහ උත්සවවල තොරතුරු මධ්‍යස්ථානවලදී ඔවුන්ගේ කොවිඩ් එන්නත් ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ සක්‍රීය COVID-19 රෝගීන් සංඛ්‍යාව නැවතත් 500,000 සීමාව ඉක්මවා ඇත.

ඉරිදා දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මරණ 11 ක් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ 3 ක්ද ඇතුළු ඔස්ට්‍රේලියාවේ COVID-19 මරණ 17 ක් වාර්තා විය.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 6 ක්ද වික්ටෝරියා සහ Australia Capital Territory වෙතින් එක් කොවිඩ් මරණය බැගින්ද වාර්තා විය.

ඉදිරි වසර දෙක තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ  elective  සැත්කම් සංඛ්‍යාව පූර්ව වසංගත මට්ටමෙන් 125% ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

ටස්මේනියාවේ aged care සහ disability මධ්‍යස්ථානවල සේවකයින් සඳහා අතිරේක කොවිඩ් එන්නත් අවශ්‍යතාවය අප්‍රේල් 23 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වේ.

COVID-19 රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය වීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම සඳහා ජාතික වශයෙන් ස්ථාවර අවදානම් මත පදනම් වූ සංක්‍රාන්ති කාලයක් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව නිර්දේශ කර ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 15,572
  • කොවිඩ් මරණ - 06
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,418
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 56
වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,011
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 305
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 17
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 7,707
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 437
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 6,082
  • කොවිඩ් මරණ - 06
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 231
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 06
ACT

  • කොවිඩ් ආසාදිතයින් - 739
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 45
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 04

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 04 April: ඔස්ට්‍රේලියානුවාසීන්ට අද සිට දෙවන බූස්ටර් මාත්‍රාවත් ලබාගැනීමට අවස්ථාව | SBS Sinhala