Highlights
- ශීත සෘතුවේදී කොවිඩ් ආසාදන යළි ඉහළ යාමට පෙර දෙවැනි බූස්ටර් එන්නත ද ලබාගත හැකිද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානුවන්ට දැනගත හැකිවනු ඇත.
- මේ මාසය අවසන් වන විට වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාවක් නිර්දේශ කරන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.
- Concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ සපයන වැඩසටහන මෙම වසරේ ජූලි අවසානය දක්වා දීර්ග කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
- මෙම වැඩසටහනට මධ්‍යම රජයේ Seniors Health කාඩ්පත වලංගු වේ.
- එමෙන්ම Health Care කාඩ්පත, Low Income Health Care කාඩ්පත, Pensioner Concession කාඩ්පත සහ ප්‍රවීණයන්ගේ කටයුතු දෙපාර්තමේන්තුවේ රන්, සුදු හෝ තැඹිලි කාඩ්පත් හිමියන්ට මාස තුනක කාලයක් තුළ නොමිලේ rapid antigen පරීක්ෂණ 10ක් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.
- මේ අතර නව Omicron උප ප්‍රභේදයක් වන BA.2 හේතුවෙන් සති හයක් තුළ ආසාදිතයින් දෙගුණයකට වඩා වැඩි විය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය. ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,288 ක් හමුවී ඇති අතර එය ජනවාරියේ සිට මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වේ.
- BA.2 උප ප්‍රභේදය Nextstrain clade 21L ලෙසද හැඳින්වේ. මෑතකදී NSW හි වඩාත්ම ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය ලෙසට මෙය පත්ව ඇති බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය සිදුකළ අධ්‍යයනයක් පවසයි.
- Omicron BA2 ඉතා ඉක්මනින් BA1 අභිබවා ප්‍රමුඛ උප ප්‍රභේදය බවට පත් විය හැකි බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී Marianne Gale පැවසුවාය.
- ඩෙන්මාර්ක පර්යේෂණ ආයතනයක් වන Statens Serum Institut (SSI) ට අනුව, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, නෝර්වේ සහ ස්වීඩනය ඇතුළුව, ලොව පුරා රටවල BA.2 උප ප්‍රභේදය නිසා ආසාදන වැඩිවීමක් අත්විඳ ඇත.
- දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ ඩෙන්මාර්කයේ ආසාදන දත්ත වලට අනුව Omicron BA.1 සහ BA.2 හි බරපතලකම අතර වෙනසක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 14,034
- කොවිඩ් මරණ - 7
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 998
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 39
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 6,811
- කොවිඩ් මරණ - 10
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 185
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 27
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 4,327
- කොවිඩ් මරණ - 8
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 250
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 16
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,129
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 16
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4
ACT
- කොවිඩ් ආසාදිතයින් - 791
- කොවිඩ් මරණ - 3
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 31
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 1
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

