Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 80% ඉක්මවයි.
- සැලසුම් කළ කාලයට සතියකට පෙර NSW ප්‍රාන්තය පාසල් විවෘත කිරීමට යයි.
- අද මධ්‍යම රාත්‍රියේ සිට ACT හි කොවිඩ් නීති ලිහිල් කෙරේ.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙක්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 941 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වේ.
ඔක්තෝබර් 18 සිට බාලාංශයේ, පළමු වසරේ සහ 12 වසරේ සිසුන්ට පාසල් වෙත යාහැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.
ඒ අනුව සැලසුම් කළ කාලයට වඩා සතියකට පෙර NSW ප්‍රාන්තයේ පාසල් විවෘත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
අනෙක් සියලුම සිසුන්ට ඔක්තෝබර් 25 සහ නොවැම්බර් 1 දිනවලින් ඇරඹෙන සති දෙක තුළදී නැවත පාසල් යාමට අවසර ලැබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,438 ක් හමුවී ඇති අතර එයින් 500 ක් පමණ සති අන්තයේ පැවති හමුවීම් හේතුවෙන් වාර්තා වූ ඒවා විය.
මේ අතර කොවිඩ් මරණ 5 ක් ද සිදුවී තිබේ.
මෙලෙස බරපතල ලෙස ආසාදිතයින් ඉහළ යාම ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්මේ "සැලකිය යුතු" පසුබෑමක් ඇතිකරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 commander Jeroen Weimar පැහැදිලි කළේය.
මේ වන විට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති බැවින් ෆයිසර් එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබාදෙන කාල පරතරය සති හයේ සිට තුන දක්වා අඩු කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 31 ක් වාර්තා වී තිබේ.
ඔක්තෝබර් 01 වන දින සිට ACT හි ඇතැම් කොවිඩ් නීති ලිහිල් කිරීමට ACT රජය තීරණය කර ඇත.
ඒ අනුව එළිමහනේ විනෝද වීමට ඇති කාලය දීර්ග කිරීම, ජාතික උද්‍යාන යළි විවෘත කිරීම සිදුකෙරෙන අතර ඇතැම් සිල්ලර ව්‍යාපාර සඳහා අමතර මුල්‍ය දීමනා ද ලබාදීමට නියමිතය.
මේ අතර වයස අවුරුදු 60 ට වැඩි ACT වැසියන් සඳහා ද දැන් Pfizer එන්නත ලබාගැනීමට හැකියාව පවතී.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු
- 2021 සැප්තැම්බර් 30 වන දින පස්වරු 4 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Brisbane, Gold Coast, Logan, Moreton Bay, Townsville සහ Palm Island නගර සභා කලාප සඳහා 2 වන මට්ටමේ කොවිඩ් නීති පැනවේ.
- ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම නැවත්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

