Highlights
- නොදර්න් ටෙරිටරියේ තත්වය
- වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත වසංගත පනත සම්බන්ධයෙන්
- Pfizer සමාගම COVID-19 සඳහා වන වන ඖෂධ පෙත්තක් සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම
නොදර්න් ටෙරිටරියෙන් නව කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමග නොදර්න් ටෙරිටරිය මේ වනවිට දැඩි අවධානයකින් පසු වේ. මෙම නව ආසාදිතයින්ගෙන් 5 දෙනෙකු එම ටෙරිටරියේ ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Robinson River ප්‍රදේශයෙන් හමුව තිබේ. මේ වනවිට Katherine සහ Robinson River යන ප්‍රදේශ සඳහා අවම වශයෙන් ලබන සඳුදා සවස 6 දක්වාවත් ක්‍රියාත්මක වන පරිදි lockdown තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති අතර සමස්ත ප්‍රාන්තය සඳහාම බලපාන පරිදි මුහුණු ආවරණ පැළඳීමද අනිවාර්ය කොට තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත වසංගත පනත සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට වික්ටෝරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට එක් වූ කණ්ඩායම් සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews විවේචනය කොට තිබේ. මෙම පනත පිළිබඳව වන විවාදය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
COVID-19 සඳහා වන වන ඖෂධ පෙත්තක් සම්බන්ධයෙන් Pfizer සමාගම ගිවිසුමක් අත්සන් කොට තිබේ. මෙම ඖෂධ පෙත්ත නිවසේදී ලබාගැනීමට හැකියාව හිමිවන අතර ඒ ඔස්සේ COVID-19 වෛරසය හේතුවෙන් වන රෝහල්ගත වීම සහ මරණ වැලැක්වීම සඳහා උපකාරී වේ.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 916 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 231 ක් හමුවී ඇති අතර මරණ වාර්තා නොවේ.
- ගතවූ පැය 24 තුළ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් කොවිඩ් ආසාදිතයින් 6 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු වාර්තා නොවේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

