COVID 19 update 04 Feb: වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් elective සැත්කම් ලබන සඳුදා සිට යළි ඇරඹේ

2022 පෙබරවාරි 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

elective surgery

Image for reference only Source: AAP

Highlights

  • ඇතැම් elective සැත්කම් ලබන සඳුදා සිට නැවත ආරම්භ කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කර ඇති නමුත් සියලුම elective සැත්කම්නැ වත ආරම්භ කිරීමේ දිනයක් තවමත් තීරණය කර නොමැත.
  • වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් බිලියන 1.4 ක අරමුදල් පැකේජයක් ප්‍රකාශයට පත් කරන ලද අතර Omicron පැතිරීමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතියට උපකාර කිරීමේදී එය ඉතා වැදගත් වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley ප්‍රකාශ කළේය.
  • ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වූ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අතර ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ් රෝගීන් රෝහල්ගතවීම් අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.
  • aged care මධ්‍යස්ථානවල වෙසෙන සුදුසුකම් ලත් පුද්ගලයින් 170,000 න් 45,000 කට තවමත් බූස්ටර් එන්නත ලැබී නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • aged care මධ්‍යස්ථානවල වෙසෙන වියපත් පුද්ගලයින් කොවිඩ් එන්නත ගැනීමට ඇති පැකිලීම aged care ක්ෂේත්‍රයේ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතයට හේතුවී ඇති බව ඔහු පැවසීය.
  • සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය ලිහිල් කිරීමට උපකාර කිරීම සඳහා රෝහල්වල Elective සහ දින සැත්කම් කල් දැමීමට Northern Territory ය තීරණය කරයි.
  • බූස්ටර් එන්නතක් ලබා නොගත් වැඩිහිටි පුද්ගලයින්ගේ “විෂම” මරණ සංඛ්‍යාවක් තම ප්‍රාන්තයේ දැකීමට සිදුවී ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය John Gerrard පැවසීය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 10,698 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 31 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,494 ක් රෝහල්ගත කර ඇති අතර 160 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,240 ක් සමග කොවිඩ් මරණ 36 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 707 ක් රෝහල්ගත කර ඇති අතර 79 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,857 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 732 ක් රෝහල්ගත කර ඇති අතර 50 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 570 ක් වාර්තා වන අතර 13 දෙනෙකු රෝහල්ගත කර ඇත. පුද්ගලයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ ACT හි කොවිඩ් ආසාදිතයින් 449 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 65 ක් රෝහල්ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටී.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



COVID 19 වසංගතයට සම්බන්ද දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා, මෙතැනට පිවිසෙන්න.


 

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service