COVID 19 update 12 October: NSW ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා නව සහන පැකේජයක්

2021 ඔක්තෝබර් 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Boxing Day

Shoppers at a shopping mall in Sydney Source: AAP

Highlights

  • ව්‍යාපාර සඳහා COVID-19 සහන පැකේජයක් NSW නිවේදනය කරයි.
  • සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සඳහා වික්ටෝරියා ප්‍රාන්තය විශාල ආයෝඡනයක් කිරීමට යයි.
  • දරුවන්ගේ මානසික රෝග සඳහා වූ ලොව පළමු සැලැස්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,466 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 677 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් 7% ක් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් වේ.

මේ අතර හැකිනම් තමන්ගේ දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගන්නා දිනය ඉදිරියට ගෙන එන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රාන්ත වාසීන්ව දිරිමත් කර තිබේ.

ඒ අතරේ ප්‍රාන්තය යළි විවෘත කිරීමට පෙර සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සඳහා ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

කොවිඩ් රෝගීන් සමග සෘජුව ගනුදෙනු කරන කොවිඩ් රෝහල් සේවා බලකායට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 255 ක් ඒ හරහා ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම විදේශයන්හි වෙසෙන සෞඛ්‍ය සේවකයින් 1000 ක් බඳවා ගැනීම සඳහා ඩොලර් මිලියන 2.5 ක් ද මෙයින් වෙන් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 360 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 5 ක්ද වාර්තා වේ.

මේ අතර කොවිඩ් නීති නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නව ව්‍යාපාර පැකේජයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් නිවේදනය කළේය.

මේ සඳහා සුදුසුකම් ලත් වෙළඳුන්ට ඇතැම් සේවාවන් සහ ගාස්තු සඳහා ඩොලර් 2,000 ක වට්ටමක් මේ හරහා ලබා ගත හැකිය.

නත්තල් සමයට පෙර කල් ඉකුත් වන භාණ්ඩ තොග සමඟ ගනුදෙනු කරන ව්‍යාපාර සඳහා ද සැලකිය යුතු වට්ටම් ප්‍රකාශයට පත් කරනු ඇත.

ව්‍යාපාරිකයින් පිටුපස ප්‍රාන්ත රජය සිටින බව ඔවුන්ට දැන්වීමට අවශ්‍ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ප්‍රකාශ කළේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන්ගෙන් 80% ක් පූර්ණ එන්නත්කරණය ලබාගත් පසු ප්‍රාන්තයේ මීළඟ කොවිඩ් නීති ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂිත අතර එය සඳුදා වන විට පසු කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 28 ක් වාර්තා වූ අතර ඉන් 22ක් ම මේ වන විට හඳුනාගෙන ඇති කොව්ඩ් ආසාදිතයින් සමග සම්බන්ධ බවට සොයාගෙන තිබේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැත.
  • සමස්ත ඔස්ට්‍රේලියාවේම වයස අවුරුදු 16 සහ ඊට වඩා පිරිසෙන් 63.4% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර 82.8% ක් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව වාර්තා වේ.
  • වැඩිහිටියන් සඳහා බූස්ටර් කොවිඩ් මාත්‍රාව පිළිබඳ උපදෙස් ඔක්තෝබර් මස අවසානයට පෙර ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now