Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් ආසාදිතයින් අවම වශයෙන් 36,000 ක් පමණ ද කොවිඩ් මරණ 32 ක් ද වාර්තා වී තිබේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 19 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 07 ක් ද ඊට ඇතුලත්වේ.
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලින් කොවිඩ් ආසාදිතයින් 10,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ජුලි 22 වන විට, බලධාරීහු නේවාසික aged care මධ්‍යස්ථානවල ආසාදිතයින් 1,013 කළමනාකරණය කරමින් සිටියහ. වැඩිම ආසාදිතයින් වන 322 නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර ඊට අමතරව වික්ටෝරියා (211), ක්වීන්ස්ලන්තය (219), දකුණු ඕස්ට්‍රේලියාව (109) සහ බටහිර ඕස්ට්‍රේලියාව (103) වේ.
සිඩ්නි හි Newmarch House හි COVID-19 පැතිරීම පාලනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් අද ආරම්භ වී තිබේ. 2020 අප්‍රේල් සහ ජුනි අතර මෙම aged care මධ්‍යස්ථාන මගින් COVID-19 ආශ්‍රිත මරණ 19ක් වාර්තා විය.
පළමු ත්‍රෛමාසිකයේ COVID-19 ආසාදනය වූ කාන්තාවන් ගබ්සා වීමේ අවදානම වැඩි විය හැකි බව එක්සත් රාජධානියේ ජාතික අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත. ගබ්සා වීමේදී ගැබ්ගැනීමේ වයස පිළිබඳ මිනුමක් වන මධ්‍ය ගර්භණී වයස සති නවයක් විය.
ආසාදන අවදානම සීමා කිරීම සඳහා ගර්භනී කාන්තාවන් තම ගර්භණී කාලය පුරාම පුද්ගල දුරස්ථ භාවය සහ යහපත් සනීපාරක්ෂක ක්‍රියා අනුගමනය කළ යුතු බව අදාළ අධ්‍යයනය සඳහන් කළේය
වසංගතය ආරම්භ වූ දා සිට NSW ළමුන් 4,000 කට ආසන්න ප්‍රමාණයක් COVID-19 නීති කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බව Sydney Morning Herald වාර්තා කළේය. ඇතැම් දරුවන්ට දඩ මුදල් කිහිපයක් ලැබිය හැකිය.
COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන නිවැසියන්ට සෞඛ්‍ය සහාය සහ තොරතුරු සඳහා 1800 020 080 ජාතික කොරෝනා වයිරස් උපකාරක අංකය ඇමතීමට හැකිය.
සෞඛ්‍ය සහය සැපයීමට අදාළ සායනික කණ්ඩායමක් දින හතේම පැය 24 පුරා සිටී.

