SKIP TO MAIN CONTENT

COVID 19 update 29 Sep: ඉංග්‍රීසි නොවන රටවලින් පැමිණි සංක්‍රමණිකයින් බූස්ටර් ගැනීමේ අඩු ඉඩක් ඇති බව හෙළිවෙයි

2022 සැප්තැම්බර් 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

WET WEATHER SYDNEY
Pedestrians in the Sydney CBD. (file) Source: AAP / PAUL BRAVEN/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

COVID-19 එන්නත් කිරීම ඔස්ට්‍රේලියාව තුළ ඇනහිට ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

අඩු අධ්‍යාපනයක් ඇති, අඩු ආදායම්ලාභී, ඉංග්‍රීසි කතා නොකරන රටක ඉපදුණු, ප්‍රධාන ආයතන විශ්වාස නොකරන, දක්ෂිණාංශික යැයි හඳුනා ගන්නා සහ ගුවන්විදුලි සහ පුවත්පත් වලින් ප්‍රවෘත්ති නොඅසන සහ නොබලන සියල්ලන් තුන්වන හෝ හතරවන COVID-19 එන්නත ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු බව එම අධ්‍යනයෙන් පෙන්නුම් කරයි.

තුන්වන හෝ සිව්වන මාත්‍රාව අඩුවෙන්ම ලබාගත් පිරිස වයස අවුරුදු 25-34 අතර පුද්ගලයින් විය.

COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඔස්ට්‍රේලියානුවන් බූස්ටර මාත්‍රාවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවද අධ්‍යයනය සඳහන් කළේය.

අනිවාර්ය COVID-19 ස්වයං නිරෝධායනය ඉවත් කිරීම සඳහා NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet ගේ ඉල්ලීම සිකුරාදා ජාතික කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමට ඉඩ ඇත.

පසුගිය අගෝස්තු 31 දින පැවති ජාතික කැබිනට් රැස්වීමෙන් පසු රෝග ලක්ෂණ නොමැති COVID ධනාත්මක රෝගීන් සඳහා ස්වයං නිරෝධායන කාලය දින හතේ සිට පහ දක්වා අඩු කරන ලදී.

මේ අතර BA.5/BA.4 හැර වෙනත් Omicron හි උප ප්‍රභේදයන්ගෙන් ආසාදන නිරීක්ෂණය කරන බව NSW Health පැවසුවේය.

නව උප ප්‍රභේද වන BA.2.75 සහ BA.4.6 පසුගිය සතියේ NSW ප්‍රාන්තයේ PCR පරීක්‍ෂණවලින් අනාවරණය වූ මුළු COVID රෝගීන්ගෙන් 12.4% ක් සහ 5.2% ක් විය.

සැප්තැම්බර් 25 න් අවසන් වූ සතිය සඳහා නව සතිපතා COVID-19 රෝගීන් 11% කින් සහ මරණ 18% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ගෝලීය වශයෙන් රෝගීන් මිලියන 612 කට අධික සංඛ්‍යාවක් සහ මරණ මිලියන 6.5 ක් වාර්තා වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now