Highlights
- සිඩ්නි කොරෝනා මර්මස්ථාන සඳහා රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර ව්‍යායාම් කාලය සීමා කර ඇත.
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් වයිරසය වැළදුණු අයුරු හඳුනා නොගත් ආසාදිතයින් 22 ක්.
- ACT හි වයස අවුරුදු 16 - 29 ත් අතර පසුවන පුද්ගලයින්ට Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමට අවසර.
- දකුණු ඔස්ට්‍රේලියාව නිවෙස් වල නිරෝධායනය වීමේ ක්‍රමයක් අත්හදා බලයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 818 ක් හමුවී තිබේ.
ඒ අතරින් අවම වශයෙන් ආසාදිතයින් 42 ක් පමණ වයිරසය ශරීරගතව තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
ඊට අමතරව කොවිඩ් මරණ 3 ක් වාර්තා වූ අතර ඒ සියලු දෙනාම 80 වන වියෙහි පසුවූ බව සඳහන්.
මේ අතර NSW ප්‍රාන්තයේ කොවිඩ් තත්ත්වය බරපතලව ඇති නගර සභා කලාප 12 ට අද සිට අතිරේක කොවිඩ් නීති පැනවේ.
එහිදී සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවෙන අතර එළිමහනේ දෛනිකව ව්‍යායාම කිරීමට අවසර ලැබෙන කාලය පැයක් දක්වා අඩු කෙරේ.
මේ අතර Canterbury-Bankstown, Cumberland සහ Fairfield හි සේවකයින්ට තම නගර සභා ප්‍රදේශයෙන් පිටත වැඩ කිරීම සඳහා සිදුකරගත යුතු බවට නියම කර තිබූ COVID-19 පරීක්‍ෂණ තවදුරටත් අවශ්‍ය නොවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 71 ක් හමුවී තිබේ.
ඒ සියලු ආසාදිතයින්ගෙන් 22 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී ඇත.
එම ආසාදිතයින් Essendon West, Camberwell, Thornbury, Fitzroy North, Maidstone සහ Sorrento යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.
එමෙන්ම අදාළ ආසාදිතයින් 71 දෙනාගෙන් 55 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂාවන් සිදුකරගත හැකි ස්ථාන මෙතනින්.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
Australian Capital Territory
ACT හි නව ආසාදිතයින් 16 ක් වාර්තා වේ.
එයින් ආසාදිතයින් තිදෙනෙකුට වයිරසය වැළදුණු ආකාරය පිළිබඳ මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන අතර ආසාදිතයින් තිදෙනෙකු වයිරසය ශරීරගත වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවද වාර්තා වේ.
මේ අතර My Digital Health Record වෙබ් අඩවිය හරහා ACT හි වයස අවුරුදු 16 - 29 ත් අතර පසුවන පුද්ගලයින්ට Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමට අවසර ලබාදී ඇත.
ACT හි කොවිඩ් ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පිළිබඳ මෙතනින් දැනගන්න.
ACT හි කොව්ඩ් එන්නත ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ මෙතනින් දැනගන්න.
දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල නවතම කොවිඩ් තොරතුරු
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා නිවෙස තුළ නිරෝධායනය වෙමින් සිටි බව සඳහන්.
- නිවෙස් තුළ නිරෝධායනය වීමේ ක්‍රමවේදය දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අත්හදා බලයි. ඒ අනුව හෝටල් වල නොව නිවෙස්වල අදාළ පුද්ගලයින්ව නිරෝධායනය කිරීමට මෙමගින් අරමුණු කෙරේ. භූ-පිහිටීම සහ මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංග ආධාරයෙන් මෙය නිරීක්ෂණය කෙරේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

