Highlights
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමාවන් නොවැම්බර් 23 වන දින විවෘත කරයි. නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණය 90% මට්ටමට පහළ ඇති නගර සභා කලාපවලින් පැමිණෙන සංචාරකයින්ට hospice care සහ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගය වැනි අධි අවදානම් ස්ථාන වෙත යාමට අවසර නැත.
- වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ACT හි සංචාරකයින් දකුණු ඔස්ට්‍රේලියාවේ දුරකථන app එක හරහා සෑම දින 14 කට වරක් රෝග ලක්ෂණ පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය වේ.
- දෙසැම්බර් 15 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති සියල්ලක්ම පාහේ ඉවත් කිරීමට හැකිවෙතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
- නර්තන සහ මත්පැන් භාවිතා කරන උත්සව සඳහා, pubs සහ සමාජ ශාලා සඳහා පනවා ඇති කොවිඩ් නීති පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට දෙසැම්බර් 6 සිට ඉවත් කිරීමට ටස්මේනියා ප්‍රාන්තය තීරණය කරයි. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා දෙසැම්බර් 15 යළි විවෘත කරයි.
- ටස්මේනියා ප්‍රාන්තය නව යොවුන් වියේ පසුවන්නන් සඳහා කොවිඩ් එන්නත ලබාගැනීම දිරිගැන්වීම උදෙසා iPhones සහ iPads පිරිනමමින් කොවිඩ් එන්නත ලබා දීමේ දින 5 ක වැඩසටහනක් දියත් කරයි.
COVID-19 සංඛ්‍යා දත්ත
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,273 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 216 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ
මේ අතර ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් ද ACT වෙතින් 17 ක්ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

