Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 17 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 13 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 14 ක් ද වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ජුනි 18 වැනි දින අලුයම 12.01 සිට ටස්මේනියානු සහ Northern Territory ගුවන් තොටුපලවල සංචාරකයින් මුව ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය නොවේ. මෙය අනෙක් ප්‍රාන්ත සහ ටෙරිටරි ද ඉක්මණින් අනුගමනය කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, සියලුම ගුවන් ගමන් සඳහා මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ.
ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් නීති මෙතැනින් දැනගන්න.
නවසීලන්තයට ගමන් කරන පුද්ගලයින්ට ජූනි 21 සිට පිටත්වීමට පෙර COVID-19 පරීක්ෂණයක් සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, අදාළ සංචාරකයින් පළමු දිනයේ සහ නැවත පස්වන හෝ හයවන දිනයේ ස්වයං කොවිඩ් පරීක්ෂාවක් කළ යුතුය.
Qantas ගුවන් සේවය සිය යාවත්කාලීන කරන ලද මුව ආවරණ ප්‍රතිපත්තිය ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇත.ගුවන් ගමන් වල මුව ආවරණ අනිවාර්ය නොවන ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපය වැනි ගමනාන්ත වෙත වන ගුවන් ගමන් වලදී මුව ආවරණ පැළඳීමට මගීන්ගෙන් තවදුරටත් ඉල්ලා නොසිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනයේ (FDA) උපදේශකයින් වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා Pfizer සහ Moderna එන්නත් නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත්, FDA සහ රෝග පාලන මධ්‍යස්ථාන (CDC) තවමත් ඒ සඳහා අවසන් අනුමැතිය ලබා දීමට නියමිත බවද වාර්තා වේ.

