SKIP TO MAIN CONTENT

COVID 19 update 10 Feb: NSW ප්‍රාන්තයේ රෝහල්වල රෝගීන් බැලීමේ නීති ලිහිල් කරයි

2022 පෙබරවාරි 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Premier Dominic Perrottet
NSW Premier Dominic Perrottet Source: AAP

3 min read

Published

By Madhura Seneviratne



Skip to article content

Highlights

  • ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා AstraZeneca එන්නත බූස්ටර් එන්නතක් ලෙස තාවකාලිකව අනුමත කර ඇත.
  • කලින් ලබාගත් එන්නත කුමක් වුවත් Pfizer සහ Moderna එන්නත් වඩාත් යෝග්‍ය බූස්ටර් එන්නත් විකල්ප ලෙස ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය අවධාරණය කරයි.
  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත හා ටසේම්නියා ප්‍රාන්තවල ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 49 ක් සිදුව තිබේ.
  • තම ආදරණීයයන් මිය යන විට දුර සිට බලා සිටීමට සිදු වූ ඛේදජනක සිදුවීම් ඇතැම් පවුල් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වලට අමුත්තන්ට ඇතුළුවීමේ දැඩි නීති වෙනස් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ප්‍රකාශ කළේය.
  • ඒ අනුව රෝහල්ගත වී සිටින බරපතල ලෙස රෝගාතුර වූ, මිය යාමට ආසන්න සහ දරු ප්‍රසූතියට මුහුණ දෙන පුද්ගලයින් බැලීමට සාමාන්‍ය ලෙස දැන් අමුත්තන්ට අවසර ලැබෙනු ඇත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,795 ක් රෝහල්ගත කර ඇති අතර 121 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති. එම අගයන් ඊට පෙර දිනවලට සාපේක්ෂව පහත වැටී තිබේ.
  • කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා මේ දක්වා NSW ප්‍රාන්තයේ පුද්ගලයින් 1,600 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
  • ඊයේ දිනයේදී ප්‍රාන්ත රජය විසින් මෙහෙයවන එන්නත්කරණ මධ්‍යස්ථානවලදී කොවිඩ් එන්නත් මාත්‍රා 14,863 ක් ලබා දීමෙන් පසු වයස අවුරුදු 18 ට වැඩි වික්ටෝරියානුවන්ගෙන් 48% ක් පමණ බූස්ටර් එන්නත ​​ලබා ගෙන ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 10,130 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 24 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,795 ක් රෝහල්ගත කර ඇති අතර 121 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,391 ක් සමග කොවිඩ් මරණ 23 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 543 ක් රෝහල්ගත කර ඇති අතර 75 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,902 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 637 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
  • මේ අතර ACT හි ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 500 ක් හමුවී තිබේ.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

 


 

 

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව

 


 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

 

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now