COVID 19 update 21 Sep: ඔස්ට්‍රේලියාව අවුරුදු 5-11 අතර ළමුන්ට Pfizer බූස්ටර් මාත්‍රාව තාවකාලිකව අනුමත කරයි

2022 සැප්තැම්බර් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

CHILD VACCINATIONS VICTORIA

A health worker administers a COVID-19 vaccine at a pop-up vaccination clinic in Melbourne. (file) Source: AAP / CON CHRONIS/AAPIMAGE

Highlights

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා Pfizer බූස්ටර් මාත්‍රාව තාවකාලිකව අනුමත කර ඇත.

කෙසේ වෙතත්, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම තවමත් එම එන්නත සමාලෝචනය කර එය සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කර නොමැත.

කුලී රථ ඇතුළුව පොදු ප්‍රවාහන සේවාවල මුව ආවරණ පැළදීමේ නීති ඉවත් කරන නවතම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්තය පත්ව ඇත.

ප්‍රවාහන වේදිකාවක, නැවතුමක, කුලී රථ නැවතුමක රැඳී සිටින විට පවා ක්වීන්ස්ලන්ත වැසියන්ට මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නොවේ.

වික්ටෝරියා ප්‍රාන්තය සහ Australian Capital Territory (ACT) තවමත් පොදු ප්‍රවාහන සේවාවල යාමේදී මුව ආවරණ පැළඳිය යුතු එකම ප්‍රාන්ත ද්විත්වය වේ.

මේ මාසය අවසන් වන විට ACT ද එම නීති අවශ්‍යතාවය ඉවත් කළ හැකිය.

COVID-19 එන්නත් සහ ආසාදන පිළිබඳ නව අධ්‍යයනයක් සඳහා රජය ආයෝජනය කරන බව සෞඛ්‍ය සහ Aged Care සහකාර අමාත්‍ය Ged Kearney පැවසීය.

වකුගඩු හා පෙනහළු රෝග, inflammatory bowel disease, රූමැටික් රෝග, HIV සමඟ ජීවත් වන පුද්ගලයින් සහ අවයව බද්ධ කිරීම් වැනි නිදන්ගත රෝග තත්වයන් ඇති ළමුන් සහ වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මෙම අධ්‍යයනයෙන් ඇගයීමට ලක් කෙරේ.

sotrovimab සහ casirivimab-imdevimab යන ප්‍රතිදේහ ප්‍රතිකාර දෙකට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය උපදෙස් දී ඇත.

මෙම ප්‍රතිකාර COVID-19 ට එරෙහිව ඵලදායී නොවන බව එහි සඳහන් වේ.

මේ අතර පර්යේෂකයන් BF.7 නම් නව ප්‍රභේදයක් නිරීක්ෂණය කරමින් සිටී.

BA.5.2.1.7 ලෙසද හැඳින්වෙන මෙම ප්‍රභේදය රටවල් කිහිපයකින් සොයාගෙන ඇති නමුත් බෙල්ජියමේ ආසාදනවලින් 25% කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ප්‍රංශය, ජර්මනිය සහ ඩෙන්මාර්කයේ 10% කට ආසන්න ප්‍රමාණයකට වගකිව යුතුය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now