COVID 19 update 20 Jan: Novavax එන්නතට සහ තවත් කොවිඩ් ප්‍රතිකාර දෙකකට ඔස්ට්‍රේලියාවේ අනුමැතිය

2022 ජනවාරි 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

L’Australie valide le vaccin Novarax.

Source: AP

Highlights

  • ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Novavax COVID-19 එන්නත ඔස්ට්‍රේලියාවේ භාවිතා කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර ඔස්ට්‍රේලියාව විසින් එයින් මාත්‍රා මිලියන 51 ක් ඇණවුම් කර තිබේ.
  • කොවිඩ් අවදානමට ලක්විය හැකි රෝගීන් සඳහා භාවිතා කිරීමට ප්‍රතිවෛරස් ප්‍රතිකාර දෙකක් (oral treatments) සඳහා ද ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් තාවකාලික අනුමැතිය ලබා දී ඇත.
  • අදාළ ප්‍රතිකාර දෙක paxlovid සහ molnupiravir වන අතර ඒවා ඔස්ට්‍රේලියාවට ඉදිරි සති කිහිපය තුළ පැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 49 ක් වාර්තා වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙසැම්බර් 18 න් පසුව පළමු වරට 2,863 සිට 2,781 දක්වා අඩුවී ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව ද 217 සිට 212 දක්වා අඩුවී තිබේ.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 30,825ක් සමග කොවිඩ් මරණ 25 ක් වාර්තා වේ.
  • 2022 වසරේ පළමු වාරය ආරම්භයේදී පාසල් සිසුන් සහ ගුරුවරුන් කොවිඩ් ආරක්ෂිතව පාසල් තුළට පැමිණීම තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මූලික අවධානය යොමුවනු ඇත.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,812 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. වෙනත් අසනීප තත්ත්වයකට මුහුණ පා සිටි වයස අවුරුදු 18 ක  අයෙකු ද එම මරණ අතර වෙයි.
  • කොවිඩ් වයිරසයෙන් නිසි ලෙස ආරක්ෂා වීමට කොවිඩ් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය බවත් ජාතික කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ අවධානය යොමු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
  • දැනට පවතින දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ මාසය අවසානයේදී උපරිම වනු ඇතැයි ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරන අතර පළමුව ගෝල්ඩ් කෝස්ට් කලාපයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D'Ath  පුරෝකථනය කරයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

  • Victoria
  • Queensland
  • South Australia
  • Tasmania
  • Northern Territory
  • ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 30,825 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 25 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 21,966 ක් සමග කොවිඩ් මරණ 15 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 16,812 ක් ද කොවිඩ් මරණ 9 ක් ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් 927 ක් ද ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 892 ක් ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now