COVID 19 update 27 October: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලෙස Pfizer එන්නත අනුමත වෙයි

2021 ඔක්තෝබර් 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A nurse prepares a Pfizer COVID-19 vaccination at the Belmore Medical GP in the suburb of Belmore, Sydney, Saturday, 28 August, 2021.

A nurse prepares a Pfizer COVID-19 vaccination at the Belmore Medical GP in the suburb of Belmore, Sydney, Saturday, 28 August, 2021. Source: AAP

Highlights

  • වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම ඔස්ට්‍රේලියානුවාසීන් සඳහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමෙන් මාස හයකට පසුව Pfizer බූස්ටර් එන්නත ලබාදීමට TGA හෙවත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමත කර ඇත.
  • NSW ප්‍රාන්තය පුරා අසීමිත සංචාර කිරීමට වන සැලසුම් වලට එරෙහිව වසංගත රෝග විද්‍යාඥයෙක් අනතුරු අඟවයි.
  • නොවැම්බර් 1 වන සිට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමත් සමග පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව යාමට අවසර ගැනීමට අවශ්‍ය නොවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 304 ක් හමුවී තිබේ.

මේ අතර නොවැම්බර් 01 සිට NSW ප්‍රාන්තය පුරා අසීමිත සංචාර කිරීමට සංචාරකයින්ට ඉඩ සලසන සැලසුම් වලට එරෙහිව වසංගත රෝග විද්‍යාඥවරියක් වන Mary Louise McLaws අඟවයි.

NSW ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොවිඩ් එන්නත්කරණ අනුපාත ඉහළ නැංවිය යුතු බව ඇය පවසයි.

මේ අතර තම COVID ආර්ථික ප්‍රතිසාධන කමිටුව මේ සතියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ ප්‍රධාන කරුණු පරීක්ෂා කරන බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,534 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති එළඹෙන සිකුරාදා පස්වරු 6 සිට තවත් ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර සියලු ව්‍යාපාර එතැන් පටන් යළි විවෘත කිරීමට අවසර ලැබේ.

මේ අතර අවන්හල්, ආපන ශාලා, හෝටල් සහ මත්පැන් හල්වලට උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රාන්ත රජය ඩොලර් 2000 වවුචර් පිරිනමයි.

QR code check-in app එකද upgrade කෙරෙමින් පවතින අතර එය භාවිතා කරන්නන් කොවිඩ් ආසාදිතයින් නිරාවරණය වූ ස්ථානයකට ගොස් ඇත්නම් ඔවුන්ට ඉක්මනින් ඒ පිළිබඳ දැනුම් දීමට එමගින් හැකි වනු ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

  • වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම ඔස්ට්‍රේලියානුවාසීන් සඳහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමෙන් මාස හයකට පසුව Pfizer බූස්ටර් එන්නත ලබාදීමට TGA හෙවත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමත කර ඇත. මෙම තුන්වන මාත්‍රාව aged care මධ්‍යස්ථානවල සිටින වියපත් පුද්ගලයින්ට පළමුව ලබා දීමට අපේක්ෂා කෙරේ.
  • තම ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය සේවකයින්ගෙන් 97% ක් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව ටස්මේනියා ප්‍රාන්තය පවසයි.
  • ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 12 ක් වාර්තා වන අතර එහි පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 90% ට ළඟා වෙමින් පවතී.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now