COVID 19 update 19 July: ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු පහට අඩු ළමුන් සඳහා කොවිඩ් එන්නත අනුමත කරයි

2022 ජූලි 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Authorities in the US and Canada have already approved Moderna's Spikevax vaccine in children under five. (file)

Authorities in the US and Canada have already approved Moderna's Spikevax vaccine in children under five. (file) Source: AAP/AP/zz/STRF/STAR MAX/IPx

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 75 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක් ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද  ඊට ඇතුලත්වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 983 ක් ලෙස වාර්තා වන අතර කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම අගය එය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් (TGA) විසින් Moderna එන්නත මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා තාවකාලිකව අනුමත කර තිබේ. එහි මාත්‍රා දෙක දින 28 ක පරතරයකින් ලබා දිය හැකිය.

මෙම එන්නත ගත් පසු ළමුන්ට ලැබෙන ආරක්ෂාව වැඩිහිටියන්ට ලැබෙන ආරක්ෂාවට සමාන බව සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත. මාස හයේ සිට අවුරුදු හය දක්වා ළමුන්ගේ සායනික පරීක්ෂණ වලදී දක්නට ලැබෙන බොහෝ අහිතකර ප්‍රතිඵල මෘදු හා මධ්‍යස්ථ වූ අතර සාමාන්‍යයෙන් දෙවන මාත්‍රාවෙන් පසුව ඒවා වාර්තා විය.

එන්නත විදිනු ලබන සිරුරේ ස්ථානය රතුවීම හෝ ඉදිමීම, තෙහෙට්ටුව, උණ, මාංශ පේශී වේදනාව සහ ඉඟටිය ඉදිමීම එම අතුරු ප්‍රතිඵල සඳහා ඇතුළත් වේ.

කෙසේ වෙතත්, මෙම එන්නත ළමුන් සඳහා භාවිතා කිරීමට පෙර ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් අනුමත කළ යුතුය.

සිව්වන මාත්‍රාව සහ මෑත කාලීන කොරෝනා වයිරස් ආසාදනය අතර වත්මන් පරතරය මාස හතරේ සිට මාස තුනක් දක්වා අඩු කිරීමට ATAGI නිර්දේශ කළේය.

වයස අවුරුදු 50 සිට 64 දක්වා වයස්ගත වැඩිහිටියන්ගේ බහුතරයක් සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගතහොත් ඉදිරි මාස කිහිපය තුළ කොවිඩ් රෝගීන් රෝහල්ගතවීම් සංඛ්‍යාව අඩු කළ හැකි බව ATAGI  පැවසුවේය.

වසංගත නිවාඩු ගෙවීමට පෙර තමන්ගේ අසනීප නිවාඩු භාවිතා කරන ලෙස රාජ්‍ය සේවා අමාත්‍ය බිල් ශෝර්ටන් ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඔස්ට්‍රේලියාව පුරා සෞඛ්‍ය සහ පාසල් බලධාරීන් අවම වශයෙන් 3 වාරයේ පළමු සති හතර සඳහා මුව ආවරණ පැළඳ සිටින ලෙස සිසුන්ගෙන් සහ පාසල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටී.

NSW ප්‍රාන්තයේ පාසල්වලට අමතර කොවිඩ් නීති තාවකාලිකව නැවත හඳුන්වා දීමේ සූදානමක් ඇත.

මෙම නීති සඳහා  විශාල ගෘහස්ථ රැස්වීම් නැවැත්වීම, පාසල් භූමියෙන් පිටත සහ අන්තර් පාසල් ක්‍රියාකාරකම් නැවැත්වීම, රාත්‍රියේ ක්‍රියාකාරකම් සහ විනෝද චාරිකා අවලංගු කිරීම හෝ කල් දැමීම ඇතුළත් වේ.

වැඩිහිටියන් සහ උසස් පෙළ පාසල් සිසුන් සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, පාසල්වලට පැමිණෙන අමුත්තන් සීමා කිරීම, සිසුන්ගේ කණ්ඩායම් වෙන් කිරීම, නිවසේ සිට හෝ දුරස්ථව ඉගෙනීම සහ පාසලට පැමිණෙන සමීප ආශ්‍රිතයින් වැළක්වීම ද ඊට ඇතුලත්.

තම දෙපාර්තමේන්තුව අගෝස්තු 1 වනදා සිට තනි තනි Aged Care නිවාසවල නේවාසික එන්නත් අනුපාත ප්‍රකාශයට පත් කරන බව Aged Care ඇමතිනි Anika Wells පැවසුවාය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now