COVID 19 update 26 July: ඔස්ට්‍රේලියාව COVID පරීක්ෂණවල නිරවද්‍යතාවය සමාලෝචනය කරයි

2022 ජූලි 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Healthcare workers administer COVID-19 tests at the St Vincent's Hospital drive-through testing clinic.

Healthcare workers administer COVID-19 tests at the St Vincent's Hospital drive-through testing clinic. (file) Source: (AAP Image/Bianca De Marchi)

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 100 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 40 ක්ද. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 30 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 21 ක්ද ඊට ඇතුලත්වේ.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට රෝහල්වල සිටින COVID-19 සහිත පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධ නව වාර්තාවක්  ජූලි 25 වනදා ඔස්ට්‍රේලියාව විසින් පිහිටුවන ලදී. ජනවාරි අග දී රෝහල්ගත කර තිබූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,390 ක් ලෙස  සටහන් වූ අතර ඊයේ වන විට එය 5,429 ක් වේ. මේ වන විට එම අගය 5,571 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක අධිකාරිය හෙවත් TGA විසින් වයස අවුරුදු 12-17 පුද්ගලයින් සඳහා ප්‍රෝටීන් මත පදනම් වූ Nuvaxovid COVID-19 එන්නත තාවකාලිකව අනුමත කර ඇත.

Nuvaxovid හි කොරෝනා වයිරස් ස්පයික් ප්‍රෝටීන් කොටසක් අඩංගු වේ. මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ස්පයික් ප්‍රෝටීනය තර්ජනයක් ලෙස හඳුනාගෙන එයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ගොඩනැගීමට පටන් ගනී. මෙම එන්නතෙහි සජීවී වයිරසයක් අඩංගු නොවන අතර COVID-19 බෝ කළ නොහැක.

TGA විසින් ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද හඳුනාගැනීමේ සහ අවධානයට ලක්වන අනෙකුත් නැගී එන ප්‍රභේද හඳුනාගැනීමේ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම සඳහා සියලුම COVID-19-විශේෂිත රසායනාගාර ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ RAT පරීක්ෂණ සමාලෝචනය කරයි.

කොවිඩ් වයිරසය 2019 දී ප්‍රථම වරට අනාවරණය වූ දා සිට කිහිප වතාවක් විකෘති වී ඇති බැවින් මෙම පරීක්ෂණ මගින් ව්‍යාජ ඍණාත්මක ප්‍රතිඵලයක් පෙන්විය හැකි බව TGA ප්‍රතික්ෂේප නොකරයි.

ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂණ කට්ටලවලට තවදුරටත් වයිරසය සංවේදීව හඳුනා ගැනීමට නොහැකි විය හැකි අතර, එය සාවද්‍ය සෘණාත්මක ප්‍රතිඵලවලට මග පාදන බව TGA පවසයි.

රාජකීය ළමා රෝහලේ සහ රෝයල් මෙල්බර්න් රෝහලේ COVID-19 හෝ ඉන්ෆ්ලුවන්සා රෝගයට වඩා RSV වයිරසය වැළඳුනු  ළමා රෝගීන් වැඩි බව The Age පුවත් පත වාර්තා කළේය.

RSV වයිරසය ළමුන් සහ වැඩිහිටියන් යන දෙඅංශයටම වැළඳෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. නාසයෙන් දියර ගැලීම, කිවිසුම් යාම, උගුරේ අමාරුව, උණ, හිසරදය, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා සමඟ සෙම්ප්‍රතිශ්‍යාව මේ නිසා ඇති විය හැකිය. RSV වයිරසය සඳහා දැනට එන්නත් නොමැත.

වයස අවුරුදු 5-11 ත් ළමුන් අතර COVID-19 එන්නත් ලබා ගැනීම අඩු බව නවතම දත්ත පෙන්නුම් කරයි. ජූලි 24 වන විට, 53% ක් තනි මාත්‍රාවක් සහ 40% ක් ද්විත්ව මාත්‍රා එන්නත් කර ඇත.

Share

Published

Presented by Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 26 July: ඔස්ට්‍රේලියාව COVID පරීක්ෂණවල නිරවද්‍යතාවය සමාලෝචනය කරයි | SBS Sinhala