Highlights
- වයස අවුරුදු 16 සහ 17 දරුවන් ඔවුන්ගේ තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට දැන් සුදුසුකම් ලබා තිබේ.
- මේ වන විට ඔස්ට්‍රේලියාවේ ලබාදී ඇති මුළු බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 8.4 ඉක්මවා ඇත.
- ඔස්ට්‍රේලියාවේ මූලික එන්නත් උපදේශන ආයතනය වන ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් පූර්ණ කොවිඩ් එන්නත්කරණය යන නිර්වචනයට බූස්ටර් එන්නත ඇතුළත් නොකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
- කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ Aged Care අංශය හැසිරවීම සම්බන්ධයෙන් සිදුවූ දුර්වලතා නිසා Aged Care සේවා පිළිබඳ අමාත්‍ය Richard Colbeck ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂ නායක Anthony Albanese පැවසීය.
- Omicron ප්‍රභේදය අවසන් කොවිඩ් ප්‍රභේදය නොවන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා අනතුරු අඟවන නමුත් ඔස්ට්‍රේලියාව වර්තමාන කොවිඩ් පැතිරීමේ උච්චතම අවස්ථාව පසු කර ඇති බව විශ්වාස කරයි.
- කෙසේ වෙතත්, එළඹෙන ශීත සෘතුවේ නව කොවිඩ් රැල්ලක් සහ 2020 න් පසු පළමු වරට මෙම වසරේදී flu රෝගය නැවත පැමිණීම ඔහු අපේක්ෂා කරයි.
- 2022 නව පාසල් වාරය ආරම්භ වී දින කිහිපයක් යන්නට මත්තෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ පාසල් තුනක සිසුන් සිය ගණනක් සහ කාර්ය මණ්ඩලය බහුතරයක් සති දෙකක් සඳහා හුදකලා කිරීමට නියෝග කර තිබේ. ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 19 ක් වාර්තා වී තිබේ.
- නවසීලන්තය පියවර පහක සැලැස්මක් යටතේ පෙබරවාරි 27 වන දින සිය දේශසීමා නැවත විවෘත කිරීමට පටන් ගනී. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මාසයේදී නවසීලනත්ය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවෘත වනු ඇත.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 12,632 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 38 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,578 ක් රෝහල්ගත කර ඇති අතර 160 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 12,157 ක් සමග කොවිඩ් මරණ 34 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 752 ක් රෝහල්ගත කර ඇති අතර 82 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,643 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 749 ක් රෝහල්ගත කර ඇති අතර 47 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
- ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,583 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 226 ක් රෝහල්ගත කර ඇත.
- ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් සහ Northern Territory යෙන් එක් කොවිඩ් මරණය බැගින් වාර්තා විය.
ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

