COVID-19 Update on 26 Nov: ද. අප්‍රිකාවේ නව කොවිඩ් ප්‍රභේදය නිසා ඔස්ට්‍රේලියාව සංචාරක තහනම් පැනවීම ප්‍රතික්ෂේප කරයි

2021 නොවැම්බර් 26 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Travel Ban

Some European countries have banned travel from some African countries but Australia is not taking the drastic step yet. Source: AAP

  • දකුණු අප්‍රිකාවේ හට ගෙන ඇති නව COVID-19 ප්‍රභේදය හේතුවෙන් එහි සිට ඔස්ට්‍රේලියාව දක්වා පැමිණෙන පුද්ගලයින් හට සංචාරක තහනම් පැනවීම ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. නව ප්‍රභේදය, Mu, හෝ B.1.621, ලෙසට නම්කොට ඇති අතර එය කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වලට හොඳින් ප්‍රතිරෝධී විය හැකි බවට ද මත පලවී තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දේශීය සංචාරකයින් සඳහා වන බලපත්‍ර ක්‍රමය අවසන් කර ඇත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අතිරේක Dine & Discover වවුචර සඳහා මුදල් අයකර ගැනීම් අද - නොවැ 26 වනදා සිට සිදුකල හැක. මෙම  Dine & Discover vouchers යෝජනා ක්‍රමය 2022 ජුනි 30 දක්වා දීර්ඝ කර ඇත.
  • 80% කොවිඩ් එන්නත්කරන ඉලක්කය පසුකල ද ප්‍රාන්තයේ ඉතිරි 20% ක ජනතාව සහ වයස 12 ට අඩු දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සංචාරකයින් සඳහා අනවශ්‍ය ලෙසට ප්‍රාන්ත දේශ සීමා විවෘත නොකරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පවසයි.
  • කොවිඩ් බලපෑමට ලක් වූ නොදර්න් ටෙරටරියේ සිදු කෙරෙන සහන සේවා කටයුතුවලදී ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන්ගේ භූමිකාව පිළිබඳව එක්සත් රාජධානියේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ශාඛාව විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව තම නොසතුට ප්‍රකාශ කරන බව ඇම්නෙස්ටි ඕස්ට්‍රේලියා ශාඛාව පවසයි.

ගෙවුණු පැය 24 තුල ඕස්ට්‍රේලියාවේ COVID-19 සම්බන්ද නවතම දත්ත

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,362 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වී ඇත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 261 ක් හමුවී තිබේ.
  • ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 8 ක් හමුව තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම 

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ. 

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිවර්තනය කර ඇති බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now