COVID 19 update 10 Dec: ඔස්ට්‍රේලියාවේ අවුරුදු 5-11 ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම ජනවාරි 10 සිට

2021 දෙසැම්බර් 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

PM Morrison in Sydney

PM Morrison met with the members of public in Sydney and made announcements regarding vaccination rollout for children. Source: AAP Image/Bianca De Marchi

Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 40ක් ලබා දී ඇති බව අගමැති Scott Morrison පවසයි.
  • ළමුන් සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අත්දැකීම් වලින් ඔස්ට්‍රේලියාව ඉගෙන ගෙන ඇති බව අගමැති Morrison පවසයි.
  • ලබන මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5 ත් 11ත් අතර දරුවන්ට Pfizer කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ට ලබාදීමට Moderna එන්නත සඳහා ද අනුමැතිය ඉල්ලා ඇත.
  • Gold Coast නුවර හමුවූ කොවිඩ් ආසාදිතයින් හයදෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට ප්‍රජාව තුළ සැරිසරා ඇති බව වාර්තා වේ. ආසාදිතයින් නිරාවරණය වූ ස්ථාන ලැයිස්තුවට පාසලක්ද ඇතුළත් කර ඇත.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු Omicron ආසාදිතයෙකු හමුවී නොමැත. නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක  අපජලයේ කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.
  • Pfizer විසින් එන්නත් සැපයීම තහවුරු කරනතුරු ළමුන් සඳහා එන්නත් කිරීමේ වේලාවල් වෙන්කරවා ගැනීමට නොහැකි බව ACT රජය පවසයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,206 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 516 ක් හමුවී තිබේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයින් සිව් දෙනෙක්ද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now