COVID 19 update 22 Feb:වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නුදුරේදීම මුහුණු ආවරණ පැලැඳීමෙන් ඉවතට

2022 පෙබරවාරි 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mhudumu ndani ya mgahawa anayevaa barakoa, akizungumza kwa simu

Masharti ya uvaaji wa barakoa yanabadilika nchini Australia. Sheria tofauti zita tumiwa katika majimbo na wilaya tofauti. Source: Getty Images / andresr E+

Highlights

  • මාර්තු මස 4 වන සිකුරාදා දින සවස 6 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බොහෝ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ. නමුත් තවමත් රෝහල් /වැඩිහිටි සත්කාරක / අබාධිත සත්කාරක/ බන්ධනාගාර /ගුවන්තොටුපල/ ගුවන් යානා තුල සහ පොදු ප්‍රවාහන සේවා වලදී මුහුණු අවරණ පැළඳීම අවශ්‍ය වේ.
  • එමෙන්ම මාර්තු මස 4 වන සිකුරාදා දින සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ස්ථාන සඳහා සහභාගී විය හැකි පිරිස සඳහා වන ඝනත්ව සීමා ඉවත් කෙරේ.
  • මාර්තු මාසයේ සිට ක්වීන්ස්ලන්ත බලධාරීන් දිනපතා පවත්වන COVID-19 මාධ්‍ය සාකච්ඡා නවතා දැමේ.
  • පෙබරවාරි 25 වැනිදා රාත්‍රී 11.59 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසේ සිට රාජකාරි සිදු කිරීම සහ අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉවත් කෙරේ. එමෙන්ම බොහෝ ස්ථාන සඳහා වන මුහුණු අවරණ පැලඳීමේ නීතිද ඉවත් වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයේදී / කුලී රථ භාවිතයේදී /ගුවන් යානා තුල සහ ගුවන් තොටුපල තුලදී / රෝහල් තුලදී සහ සත්කාරක මධ්‍යස්ථාන තුලදී මුහුණු අවරණ පැළඳීම අවශ්‍ය වේ.
  • වික්ටෝරියානු පාසල් වල ද්විතීක අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මුහුණු ආවරණ පැලඳීම විකල්පයක් වශයෙන් සැලකේ.
  • වයස අවුරුදු 5-11 දක්වා ළමුන් සඳහා අපේක්ෂිත එන්නත් අනුපාතය අඩු මට්ටමක පැවතීම මත 3 වසරේ සිසුන් සහ මුල් ළමාවිය පිළිබඳව වන මධ්‍යස්ථානවල සේවකයින් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ආගන්තුක සත්කාරක සහ වෙළඳ මධ්‍යස්ථාන වල/ අධිකරණ පද්ධතිය තුල සේවයේ නියුතු පිරිස මුහුණු අවරන පැළඳීම අත්‍යවශ්‍ය වේ.
  • ලබන සතියේ සිට වික්ටෝරියානු ප්‍රාන්ත සියලුම රෝහල් වල සැත්කම් නැවත ඇරඹීමට හැකියාව හිමි වේ.
  • Omicron වෛරසයේ උච්චතම අවස්ථාවට වඩා COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 90% කින් අඩු වී ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
  • එමෙන්ම රෝහල්ගතවීමද අඩකටත් වඩා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 8,752 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,293 ක් රෝහල්ගත කර ඇති අතර 71 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,786 ක් සමග කොවිඩ් මරණ 14 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 345 ක් රෝහල්ගත කර ඇති අතර 48 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,583 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 394 ක් රෝහල්ගත කර ඇති අතර 34 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 820 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 11 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 583 ක් වාර්තා වේ. එමෙන්ම ACT හි මේ වන විට කොවිඩ් රෝගීන් 41 ක් රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටියි.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

Published


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 22 Feb:වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නුදුරේදීම මුහුණු ආවරණ පැලැඳීමෙන් ඉවතට | SBS Sinhala