COVID 19 update 14 October: ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා NSW වැසියන්ට අමතර Dine and Discover වවුචර

2021 ඔක්තෝබර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian celebrity chef and restaurateur Matt Moran is seen dining during the reopening of his establishment, The Opera Bar

NSW residents given more time to use their Dine and Discover vouchers. Source: Getty Image/Jenny Evans

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි.
  • කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් සහන නිවේදනය කරයි.
  • වයස අවුරුදු 5 ත් 11 ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය සලකා බලයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,297 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 11 ක් ද සිදුවී තිබේ.

රෝහල් ගත කර ඇති ආසදිතයින්ගෙන් 90% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා නොගත් බව සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණයේ 70% ඉලක්කයට පසු කළ පසු දෛනික කොවිඩ් ආසදිතයින්ගේ ප්‍රමාණය එතරම් අදාළ නොවන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

මෙල්බර්න් නුවර දිගු කලක් පැවති හයවන lockdown කිරීම අවසන් කළ හැකි ඔක්තෝබර් 26 වන දිනට පෙර එම ඉලක්කයට ළඟා විය හැකි බව ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

ආසාදිතයින්ගේ ප්‍රමාණය උපරිමයට පැමිණියාද නැද්ද යන්න කීමට සතියක් පුරා පවතින ප්‍රවණතාවය ප්‍රමාණවත් නොවන බව ද ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 406 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 6 ක්ද වාර්තා වේ.

මේ අතර 2022 වසරේ ජුනි මාසය දක්වා වලංගු අතිරේක Dine and Discover වවුචර දෙකක් නිව් සවුත් වේල්ස් වැසියන්ට ලබාදීමට ප්‍රාන්ත රජය විසින් කටයුතු කර ඇත.

තවද එළිමහනේ ආහාර ගැනීම දිරිමත් කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 66 ක් වෙන් කර ඇත.

ප්‍රාන්තයේ ව්‍යාපාර නිදහස් හා සමෘද්ධිමත් වීමට අවශ්‍ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 76.5% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 91.1% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 46 ක් වාර්තා වන අතර ඉන් 30 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

  • ගතවූ පැය 24 තුළද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.
  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය තවමත් පහළ මට්ටමක පවතී. ඔවුන්ගේ ප්‍රජාවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ පිරිසෙන් 57.5% ක් මේ වන විට පළමු මාත්‍රාව ලබා ඇති අතර 42% ක් මාත්‍රා දෙකම ලබා තිබේ.
  • වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා වූ කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය සහ එන්නත් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ උපදේශන ආයතනය වන ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම යන ආයතන දෙකම අනුමත කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 14 October: ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා NSW වැසියන්ට අමතර Dine and Discover වවුචර | SBS Sinhala