COVID 19 update 18 Jan: ඕස්ට්‍රේලියාවෙන් ඉහළතම මරණ ගණන වාර්තා වෙද්දී, වික්ටෝරියා රෝහල්වලට Code Brown හදිසි තත්වයක්

2022 ජනවාරි 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Paramedics are seen tending to their ambulance outside St Vincent hospital in Melbourne.

Paramedics are seen tending to their ambulance outside St Vincent hospital in Melbourne. Source: AAP

  • පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත වලින් කොවිඩ් මරණ 74ක් වාර්තා වන අතර මෙය කොවිඩ් වසංගත ආරම්භයෙන් පසු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැඩිම මරණ සංක්‍යාව වේ. 
  • Omicron වෛරසය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් පද්ධතියට මතුව ඇති පීඩනය හේතුවෙන් ප්‍රාන්තයේ සියලුම රෝහල් සඳහා Code Brown හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියේ දැඩි ශ්‍රම හිඟයක් මතුව ඇති බව ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය James Merlino පවසයි.
  • මෙම Code Brown හදිසි තත්වය ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහල් හයකට ද අදාළ වන අතර මේ ඔස්සේ රෝහල් කාර්ය මණ්ඩලය නිවාඩු වලින් ආපසු කැඳවිය හැකි අතර අත්‍යවශ්‍ය නොවන සත්කාර කල් දැමිය හැකි වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 29,830 දෙනෙකු වාර්තා වන අතර එමගින් වැඩි දෙනෙකු දෙනෙකු PCR මගින් හඳුනාගෙන තිබේ. මේ වනවිට ප්‍රාන්තයේ ආසාදිතයින් 2,850 දෙනෙකු රෝහල්ගත කොට ඇති අතර 209 දෙනෙකු දැඩි සත්කාරක ඒකක වල පසුවේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිලියන 1.2 පමණ සිසුන් පාසල් වෙත යාම සඳහා වන එක් යෝජනාවක් යටතේ සතියකට දෙවරක් RAT පරීක්ෂණ සිදු කල යුතු බව Sydney Morning Herald වාර්තා කරයි.
  • අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ටස්මේනියාවට ඇතුලුවන සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරය ලියාපදිංචි කිරීමට හෝ සංචාරය කිරීමට පෙර COVID පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් එන්නත් නොලැබූ පිරිසට මෙම නීති අදාළ නොවේ.
  • පවතින තත්වය හමුවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව පාසල් වාරය සති දෙකක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.
  • පසුගිය පැය 24ක කාලය තුලදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16ක් වාර්තා වන අතර වෛරසය පැතිරීම අවම කිරීමට රෝහල් වලට රෝගීන් බැලීමට පැමිණෙන පිරිස සඳහා නීති වෙනස් කරන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D'Ath පවසයි.
  • ඉහල යන අසාදිත සංක්‍යාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන්, ආර්ජන්ටිනාවෙන් සහ කැනඩාවෙන් සංචාරය කරන එන්නත් නොලබන පිරිස සඳහා යුරෝපීය සංගමය COVID-19 සංචාරක නීති දැඩි කිරීමට නියමිතව තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 29,830 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 36 ක් වාර්තා වේ. 
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 20,180 ක් සමග කොවිඩ් මරණ 22 ක් වාර්තා වේ. 
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 15,962 ක් සහ මරණ 16 ක් වාර්තා වේ. 
  • ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,310 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now