COVID 19 update 21 Oct: වික්ටෝරියා ප්‍රාන්තයට එන ජාත්‍යන්තර සංචාරකයින්ට නිවෙස් වල නිරෝධායනය වීමට ඉඩ

2021 ඔක්තෝබර් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Melanie Brisbane-Schilling (left) and daughter Maddie are reunited after spending two months apart after Melanie to Melbourne from Sydney.

Melanie Brisbane-Schilling (left) and daughter Maddie are reunited after spending two months apart after Melanie to Melbourne from Sydney. Source: AAP Image/James Ross

Highlights

  • මෙල්බර්න් lockdown තත්වය අද රාත්‍රී 11:59 සිට ඉවත් කෙරේ
  • ව්‍යාපාර සඳහා වැඩි සහයෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගනී 
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය විශාලතම එන්නත් කිරීමේ වැඩසටහන දියත් කරයි

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,232 ක් සමග කොවිඩ් මරණ 12 ක් වාර්තා වේ.

මෙල්බර්න් හි ක්‍රියාත්මක 6 වන lockdown තත්වය අද රාත්‍රී 11.59ට නිල වශයෙන් ඉවත් කෙරේ.

ලබන සතියේ සිට ප්‍රාන්ත රජය මගින් ජාත්‍යන්තර සංචාරකයින් සඳහා නිවාස නිරෝධායනය කිරීමේ අත්හදා බැලීමක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය 70% එන්නත්කරන ඉලක්කය සපුරා ඇතැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තය lockdown කාලසීමාවේ දිගම ගමනක් ගමන්කොට ඇති අතර එම දිගු මාවත අද රාත්‍රියේ විවෘත වන බවයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 372 ක් හමුවී තිබේ.

ඊට අමතරව එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.

ප්‍රාන්තයේ සංචාරක අංශය සඳහා ඩොලර් මිලියන 530 ක මූල්‍ය ආධාර සැලැස්මක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් ඔස්සේ ව්‍යාපාර සඳහා වැඩි සහයෝගයක් ලබාදීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

එමෙන්ම වයස අවුරුදු 18 වඩා වැඩි සියලුම ප්‍රාන්ත වැසියන් හට හෝටල් වලදී භාවිත කිරීම සඳහා ඩොලර් 50ක වවුචර ලබාදීමට තීරණය කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් අසදිතයකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා මෙම මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයට ගිය Uber රථ රියදුරකු වේ.

මෙම පුද්ගලයා දැඩි අසනීප තත්වයකින් පෙලෙන අතර එම පුද්ගලයාගෙන් නිසි තොරතුරු ලබාගැනීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeanette Young පවසයි.

මේ අතර දෙසැම්බර් මස 17 වැනිදා ප්‍රාන්තය නැවත විවුර්ත කිරීමට පෙර ‘Super Saturday’ නමින් විශාල එන්නත්කරන වැඩසටහනක් පාසල් 100ක් තුල ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 28 ක් හමුවී තිබේ. එමෙන්ම මේ වනවිට ටෙරටරිය තුල සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 425 දෙනෙකු සිටී.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය 80% එන්නත් ඉලක්කය කරා යාමෙන් අනතුරුව අද රාත්‍රියේදී පවතින කොවිඩ් සීමා ලිහිල් කිරීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

  • ටස්මෙනියාව සිය එන්නත් ද්විත්ව මාත්‍රා ලබාදීමේ 70% ඉලක්කය පසු කොට තිබේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති NSW බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now