COVID 19 update 25 Nov: වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ පිරිස 90% ඉක්මවයි

2021 නොවැම්බර් 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Melbourne City

Premier Daniel Andrews said Victoria is 'one of the safest places anywhere in the world' after the state surpassed 90 per cent double vaccination target. Source: Getty Images

Highlights

  • Byron Bay ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු සිටින බවට තහවුරු වීමෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමඟ ඇති කරගත හැකි border bubble හෙවත් ප්‍රාන්ත සීමා බුබුලක් සමාලෝචනය කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.
  • කොවිඩ් පිළිබඳ තම ටෙරිටරිය තුළ විදේශයන්ගෙන් පැමිණි වැරදි තොරතුරු පැතිර යන බවත්, ඒ වෙනුවට සාම්ප්‍රදායික වැඩිහිටියන්ගේ වචන අනුගමනය කරන ලෙසත් Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner සිය වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
  • COVID-19 ප්‍රොටෝකෝල බලාත්මක කරන සිල්ලර වෙළෙඳ සැල්වල කාර්ය මණ්ඩලයට සහ සේවා සපයන්නන්ට ආචාරශීලීව කටයුතු කරන ලෙස වික්ටෝරියානු අගමැති Daniel Andrews ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජනගහනයේ 90% මට්ටම ඉක්මවා ගොස් තිබේ.
  • Katherine කලාපයේ සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් "අධි අවදානම්" සංචාරකයින් ලෙස නම් කර ඇති අතර ඔවුන් පැමිණ දින 7 ක් නිරෝධායනය විය යුතුය.
  • කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ Temporary Graduate හෙවත් 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී තිබේ.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,254 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 276 ක් හමුවී තිබේ.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 8 ක්ද Northern Territory වෙතින් එක් කොවිඩ් ආසාදිතයෙකුද වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now