Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගැනීමට තවමත් අවස්ථා.
- NSW ප්‍රාන්තයේ 67.5% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා තිබේ.
- ACT හි වයස 12 ට වැඩි 94% කට අධික පිරිසක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙයි.
වික්ටෝරියා ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,763 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.
කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස මෙය වාර්තා වේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Pfizer, AstraZeneca සහ Moderna එන්නත්වල මාත්‍රා දහස් ගණනක් ලබාගැනීමට අවස්ථා ඇති බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
ඊට අමතරව සති දෙකක් වසා දැමීමට නියම කළ මෙල්බර්න් ඉදිකිරීම් වැඩබිම්වල කටයුතු අද සිට දැඩි COVID ආරක්‍ෂිත පියවර මධ්‍යයේ ආරම්භ කෙරුණු නමුත් රාජකාරී සඳහා පැමිණෙන සියලුම සේවකයින් කොවිඩ් එන්නත ලබා තිබිය යුතුවේ.
තවද අද මධ්‍යම රාත්‍රියේ සිට Latrobe Valley කලාපයට පනවා තිබූ lockdown කාලය අවසන් කෙරේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 608 ක් හමුවී තිබේ.
ඊට අමතරව කොවිඩ් මරණ 7 ක්ද වාර්තා වේ.
මේ අතර ඔක්තෝබර් 3වනදා අවසන් වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 67.5% ක පිරිසක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති බවත් 88.5% ක් එක් මාත්‍රාවක් ලබා ඇති බවත් වාර්තා වේ.
ඊට අමතරව Taree, Forster-Tuncurry සහ Muswellbrook ප්‍රදේශවල ආසාදිතයින් ඉහළ යාම නිසා එම ප්‍රදේශවල lockdown කාලය ඔක්තෝබර් 11 දක්වා දීර්ග කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
Australian Capital Territory
ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 33 ක් වාර්තා වූ අතර අවම වශයෙන් ඉන් 14 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.
මේ අතර ACT හි වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසගෙන් 94% ක් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් ද 65% ට වැඩි පිරිසක් මාත්‍රා දෙකම ද ලබා ඇත.
ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.
පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:
නොවැම්බර් මැද වන විට වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 80% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය වෙත ඔස්ට්‍රේලියාව ගමන් කරමින් පවතී.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

