COVID 19 update 29 October: අද පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයට තවත් අමතර නිදහසක්

2021 ඔක්තෝබර් 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Melbourne's CBD is seen from the banks of Williamstown.

Melbourne's CBD is seen from the banks of Williamstown. Source: AAP

Highlights

  • අද පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති තවත් ලිහිල් කෙරේ.
  • කොවිඩ් එන්නත ලබා නොගැනීමට ගන්නා වෛද්‍ය අවසර පිළිබඳ නීති දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.
  • Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස NSW බලධාරීන් තම ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,656 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ.

අද පස්වරු 6 සිට වික්ටෝරියා ප්‍රාන්තයට පනවා ඇති කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය සැරසේ.

මාස කිහිපයකට පසුව අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳ සැල් ඒ අනුව විවෘත කිරීමට හැකිවේ.

එමෙන්ම අවන්හල්, ආපනශාලා සහ මත්පැන්හල්වල අසුන්ගෙන ආහාර ගත හැකි පිරිස්වල සීමාවද ඉහළ දැමේ.

ඊට අමතරව මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාප අතර සංචරණයට පනවා තිබෙන වාරණයද අද පස්වරු 6 න් පසුව අහෝසි කෙරේ.

එළිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන නමුත් ගෘහස්ථ ස්ථානවල පැළඳීම තවදුරටත් අනිවාර්ය වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 268ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

මේ අතර Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස NSW බලධාරීන් තම ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී.

එම සැමරීම් එළිමහනේ සිදුකරන ලෙසත් සංග්‍රහ සහ ත්‍යාග ලබා දීම් සංවෘත ඇසුරුම්වල බහා සිදුකරන ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 10 ක් වාර්තා වන අතර මේ වන විට සිටින සක්‍රිය  ආසාදිතයින් සංඛ්‍යාව 234 ක් දක්වා ඉහළ නැග තිබේ.
  • විදේශයන්හි උපන් පුද්ගලයින්ගේ වයස්ගත සම්මත COVID-19 මරණ අනුපාතය පුද්ගලයින් 100,000 කට 4.2 ක් වන බවත් දේශීයව උපන් පුද්ගලයින්ගේ එය 2.0 ක් බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.
  • කොවිඩ් එන්නත ලබා නොගැනීමට ගන්නා වෛද්‍ය අවසර පිළිබඳ නීති දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service