COVID 19 update 13 October: ඩෙල්ටා ව්‍යාප්තිය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ මාරාන්තිකම දිනය වාර්තා වේ

2021 ඔක්තෝබර් 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The Royal Children's Hospital in Melbourne is dealing with a coronavirus scare in its NICU unit, which cares for vulnerable newborns.

The Royal Children's Hospital in Melbourne is dealing with a coronavirus scare in its NICU unit, which cares for vulnerable newborns. Source: AAP

Highlights

  • ඩෙල්ටා කොවිඩ් ව්‍යාප්තිය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ මාරාන්තිකම දිනය වාර්තා වේ.
  • මේ සති අන්තය වන විට ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක පූර්ණ එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය සැරසේ.
  • ACT හි කොවිඩ් ආසදිතයින්ට නිරාවරණය වූ ස්ථාන සිය ගණනක් ප්‍රකාශ කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,571 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ.

Royal Children's රෝහල Elective සැත්කම් අත්හිටුවා ඇති අතර රෝහලට පැමිණෙන අමුත්තන් සඳහා Rapid Antigen පරීක්ෂණ කිරීමට සූදානම් වේ.

කොවිඩ් ආසාදිත වීමට ඉඩ ඇති දෙමාපියෙක් අලුත උපන් බිළිඳුන්ගේ දැඩි සත්කාර ඒකකයට යාමේ සිදුවීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

Hume කලාපයේ Mitchell Shire ප්‍රදේශයට පනවා තිබූ lockdown නීති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 444 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.

මේ ඉරිදා වන විට ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක පූර්ණ එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය සැරසේ.

හෙට පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැබිනට් රැස්වීමේදී ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුමේ සංශෝධන කිරීමට අපේක්ෂා කරන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ඉඟි පළ කළේය.

ඒ පිළිබඳ නිවේදනය එළඹෙන සිකුරාදා අපේක්ෂා කළ හැකිය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි පිරිසෙන් 75.2% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ඇති අතර 90% ක් එක් මාත්‍රාවක් ලබාගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 51 ක් වාර්තා වේ.

මේ වන විට ACT හි කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 8 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ සිටී.

5 දෙනකු ශ්වසන අධාරක මත සිටින බවද සඳහන්.

ACT හි කොවිඩ් ආසදිතයින්ට නිරාවරණය වූ ස්ථාන 370 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවා පිළිබඳ ACT COVID-19 වෙබ් අඩවිය හරහා නිරන්තරයෙන්ම යාවත්කාලීන වී සිටින ලෙස දැනුවත් කෙරේ.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් තොරතුරු:

කොවිඩ් රෝගීන් ගේ වැඩිවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයට විදෙස් සෞඛ්‍ය සේවකයින් 1,000 ක් බඳවා ගැනීමට සූදානම් වේ.

ලොව ඉහළම කොවිඩ් එන්නත්කරණ නගරයක් බවට කැන්බරා නුවර පත්වෙමින් පවතී. නොවැම්බර් මාසය අවසන් වන විට කැන්බරා නුවර වැසියන්ගෙන් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ පිරිස 99% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now