COVID 19 update 29 September: ඔස්ට්‍රේලියාවේ COVID-19 ආපදා ගෙවීම අඩු කිරීමට තීරණය කෙරේ

2021 සැප්තැම්බර් 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Brisbane

Brisbane Source: AAP

Highlights

ප්‍රාන්ත සහ ටෙරිටරිවල කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 70% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම අඩු කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 950 ක් වාර්තා වන අතර එය වික්ටෝරියා ඉතිහාසයේ ඉහළම කොවිඩ් ආසාදිතයින් ලෙස සටහන් වේ.

ඔක්තෝබර් 11 සිට පූර්ණ කොවිඩ් එන්නත ලැබූ පුද්ගලයින්ට NSW ප්‍රාන්තයේ aged care මධ්‍යස්ථානවලට යා හැකිය.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 863 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 15 ක්ද වාර්තා වේ.

ප්‍රක්ෂේපිත ආකෘතියට වඩා සමස්ත රෝහල් ගත කිරීමේ ආසාදිතයින් සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.

ඔක්තෝබර් 11 සිට එක් දිනකට පූර්ණ කොවිඩ් එන්නත ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුට aged care මධ්‍යස්ථානවල සිටින තම වියපත් වැඩිහිටියන් බැලීමට යා හැකිය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 86.2% ක් වන අතර මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය 61.7% ක් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 950 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.

ප්‍රාන්තයේ ඇතැම් lockdown නීති අද සිට ලිහිල් කර ඇති නමුත් Latrobe Valley කලාපය දින 7 කට lockdown කිරීමට පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයේ නිවෙසක රැස්වූ පිරිසක් අතර වයිරසය පැතිරී යාමේ අවදානම මර්දනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ මේ වන විට නිවසේ සිට යා හැකි උපරිම දුර සීමාව අද සිට කිලෝ මීටර් 15 දක්වා වැඩි කර ඇති අතර ටෙනිස් සහ ගොල්ෆ් වැනි ක්‍රීඩා කිරීමට අවසර ලැබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වේ.

මේ අතර Gold Coast නගර සභා කලාපය දක්වා අනිවාර්යෙන් මුව ආවරණ පැළදීමේ නීතිය දීර්ග කර තිබේ.

මේ වන විට lockdown කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත් ප්‍රජාව තුළ වයිරසය සැලකිය යුතු ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ඇතිනම් එම තීරණය වෙනස් විය හැකි බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Jeannette Young පැවසුවාය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

ප්‍රාන්ත සහ ටෙරිටරිවල කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 70% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම අඩු කිරීමට තීරණය කර ඇත.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now