COVID 19 update 01 October: වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දැමූ ඉදිකිරීම් වැඩබිම් යළි විවෘත කිරීමට අවසර

2021 ඔක්තෝබර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Construction workers in Melbourne

Construction workers in Melbourne Source: AAP

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලයේදී රාජකාරී කිරීමට බලයලත් සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාරවලට අඛණ්ඩ මුල්‍ය සහන.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 864 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 15 ක්ද වාර්තා වේ.

මේ අතර ඇතැම් අවශ්‍යතා සපුරාලන්නේ නම් සුදුසුකම් ලත් ව්‍යාපාරවලට නොවැම්බර් 30 දක්වා කොවිඩ් මුල්‍ය සහන දීමනා අඛණ්ඩව ලබාදෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet පැවසුවේය.

ඩොලර් 75,000 ට අඩු පිරිවැටුමක් ඇති සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ද මෙම දීමනා අඛණ්ඩව ලැබෙන නමුත් එය දෙසතියකට ඩොලර් 750 දක්වා අඩකින් අඩු කෙරේ.

තවද තම පිරිවටුමෙන් 30% කට වඩා අහිමිවූ ව්‍යාපාර සඳහා JobSaver වැඩසටහනේ අඩු කොටසක් දිගටම ක්‍රියාත්මක කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,143 ක් හමුවී ඇත.

මේ අතර කොවිඩ් මරණ 3 ක් ද සිදුවී තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලයේදී රාජකාරී කිරීමට බලයලත් සියලුම සේවකයින් (Authorised Workers) ඔක්තෝබර් 15 ට පෙර කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය කෙරේ.

එමෙන්ම නොවැම්බර් 26 ට පෙර ඔවුන් සියලු දෙනා දෙවැනි මාත්‍රාව ද ලබාගත යුතුය.

මේ අතර වසා දැමීමට නියෝග කළ ඉදිකිරීම් වැඩබිම්, සේවකයින්ගෙන් 25% ක ධාරිතාවකින් යුක්තව ඔක්තෝබර් 05 වනදා සිට යළි විවෘත කිරීමට අවසර ලැබේ.

නමුත් එම සේවකයින් අවම වශයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබා තිබිය යුතුය.

තවද අද මධ්‍යම රාත්‍රියේ සිට Moorabool නගර සභා කලාපය දින 7 කට lockdown කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 53 ක් සහ කොවිඩ් මරණ 2 ක් වාර්තා වී තිබේ.

මේ අතර කොවිඩ් එන්නත ලබා ගැනීමට සුදුසුක ACT වැසියන්ගෙන් 40% ක් තවමත් මාත්‍රා දෙකම ලබාගෙන නැති බවත්

ඔවුන් ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 40 ට වඩා අඩු අය බවත් ACT ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙතනින්.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

Darwin නුවර Berrimah, Winnellie සහ East Arm ප්‍රදේශවල අප ජලයේ සාම්පලවල කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන තිබේ.

Victoria vs NSW case numbers
Source: SBS

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now