COVID 19 update 10 June: වික්ටෝරියා ප්‍රාථමික පාසල් 10ක COVID-19 එන්නත් ලබාදීමට පියවර

2022 ජුනි 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Healthcare workers in Victoria to receive one-off Healthcare Worker Winter Retention and Surge Payment

Healthcare workers in Victoria to receive one-off Healthcare Worker Winter Retention and Surge Payment Source: Getty Images/Lisa Maree Williams

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 19 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 11 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 06 ක් ද වාර්තා විය.

Omicron හි B.1.1.529 දැනට ප්‍රාන්තයේ බොහෝ නව ආසාදන සඳහා වගකිව යුතු ප්‍රමුඛ COVID-19 ප්‍රභේදය බව NSW Health පවසයි.

කෙසේ වෙතත්, BA.5 ලෙස හඳුනාගෙන ඇති නිදර්ශකවල අනුපාතය මෑත සතිවල වැඩි වී ඇත.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

සායනික සහ සායනික නොවන කාර්ය මණ්ඩලය සඳහා එකවර ගෙඅනු ලබන ගෙවීමක් ලබාදෙන බවත් රාත්‍රී සේවා මුරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අමතර සහායක් ලබා දෙන බවත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඊයේ (ජුනි 09) නිවේදනය කළේය.

මේ අනුව මහජන සෞඛ්‍ය සේවාවන්හි සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය සහ වික්ටෝරියා ගිලන් රථ සේවකයින් ඩොලර් 3,000 ක ගෙවීමක් සඳහා සුදුසුකම් ලබයි. ජූලි 1 දින හෝ ඊට පසුව සේවයේ යෙදී සිටින අර්ධකාලීන, අනියම් සහ නව කාර්ය මණ්ඩලයට pro-rata  ක්‍රමය යටතේ මෙම ගෙවීම සිදුකරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල් දහයක් හරහා COVID-19 එන්නත් ලබාදීම ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරේ. ඉදිරි සතිය තුළ එන්නත් මධ්‍යස්ථාන ගණනාවක් ද වසා දමනු ඇත.

Australian Capital Territory හි පිහිටි Nicholls හි COVID-19 පරීක්ෂණ මධ්‍යස්ථානය අද (ජුනි 10) පස්වරු 3.50 සිට ස්ථිරව වසා දමනු ලැබේ. එම කාර්ය මණ්ඩලය Mitchell පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු භාර ගනු ඇත.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now